Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කොමදෝරු ඇතුළු 6ට ඇප

|Tue,09 January 2018 14.05|Special| Page Views : 135

අලුත් පුවත්
මූලික පහසුකම් සළසා දෙන්නෙමු
හෙට මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් වර්ජනයක්?
සරල ජීවිතයක් ගත කරන අසේල ගුණරත්න තමන්ගේ උපන්දිනය සමරලා තිබ්බ හැටි
නීති විරෝධී මත්පැන් නිෂ්පාදන ස්කාගාරයක් වටලයි
ඉරානයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට
එක්දින හා 20යි 20 නායකත්වය යළි මැතිව්ස්ට
 
හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් 06 දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා ඉදිරියේ අද (09) විභාගයට ගත්තේය.

එහිදී එක් එක් සැකකරුවෙකු රුපියල් ලක්ෂය බැඟින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැඟින් වු ශරීර ඇප මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත.

සියලු සැකකරුවන් සෑම සෙනසුරාදා දිනයකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවටද විනිසුරුවරයා මෙහිදී නියෝග කර තිබේ.

එමෙන්ම පරීක්ෂණවලට බාධා එල්ල කිරීමක් හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල කිරීමක් පිළිබඳව අධිකරණයට තොරතුරු වාර්තා වුවහොත් ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වන තුරු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවටද මනිලාල් වෛද්‍යතිලක මහතා ප්‍රකාශ කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

2008 වසරේදී කොළඹ, වැල්ලවත්ත ප්‍රදේශයේදී තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙනයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ඇතුළු මෙම නාවික හමුදා නිලධාරීන් පිරිස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න