Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විශේෂ රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව අද රැස්වෙයි

|Wed,10 January 2018 09.30|Security| Page Views : 88

අලුත් පුවත්
තැපෑලේ දියුණුවට අලුත් සැලැස්මක්
ක්ෂේත්‍රයන්හි ලක්ෂ 5ක ඇබෑර්තු ?
විශේෂ රැස්වීමක් - පාර්ලිමේන්තුව හෙට රැස්වේ
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ස්ථාවරය
කොමදෝරු ඇතුළු 6ට ඇප
මූලික පහසුකම් සළසා දෙන්නෙමු
 
හදිසි විශේෂ රැස්වීමක් සඳහා අති විශේෂ ගැසට් නිවේදනයකින් අද දින පාර්ලමේන්තුව කැඳවා තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායක කරූ ජයසූරිය මහතාගෙන් කළ ඉල්ලීමකට අනුවයි මෙම කැඳවීම කර ඇත්තේ.

ඒ අනුව අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තුව කැඳවෙන බවයි පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම්වරයා සඳහන් කරන්නේ. නව වර්ෂයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබුණේ මෙම මස 23 වන අගහරුවාදා පස්වරු 1ටයි.

මහ බැංකු බැදුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් විවාදය සඳහා පාර්ලිමේන්තුව කැඳවන ලෙස කතානායකවරයාට දන්වන බව අග්‍රාමාත්‍යවරයා පසුගිය දා කියා සිටියා. ඒ අනුව බැදුම්කර වාර්තාව පිළිබඳ හදිසි විවාදයක් පැවැත්වීමට අදාල කරුණු සාකච්ඡා කිරීම සඳහා ඊයේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් ද පැවැත්වුණා.

එම අවස්ථාවේදී තීරණය වූයේ බැදුම්කර කොමිසමේ වාර්තාව අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

පසුව අද දින පක්ෂ නායකයින් යළි රැස්ව විවාදය පැවැත්වෙන දිනය පිළිබඳ තීරණයක් ගන්නා බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න