හිටපු මුදල් ඇමතිට සිතාසි
|Wed,10 January 2018 10:00|Miscellaneous| Page Views :
98
|
|
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට ලබන මාර්තු මස 09 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය මගින් සීතාසි නිකුත් කර තිබෙනවා.
ඒ ආනයනික සුදු කැකුලු සහල් විකිණීමේ ක්‍රියාවලියේදී මිල දර්ශකයකට පටහැනිව සහල් මෙටි්රක් ටොන් 1000 ක් විකිණීමට නියෝග කර රුපියල් මිලියන 04ක් අවභාවිතා කළ බවට වූ නඩුවකට අදාලවයි.
අදාළ නඩුව වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා රවී කරුණානායක මහතාට මෙම කැඳවීම සිදුකර ඇති බව සඳහන්.
2001 -2002 යන වසරවලදී එම ගණුදෙනු සිදුව ඇති අතර එවකට වෙළඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත්තේ රවී කරුණානායක මහතායි.
|
|