Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පොලිසියේ පුටු මාරුවක්

|Wed,10 January 2018 10:30|Miscellaneous| Page Views : 10

අලුත් පුවත්
ගිනි අවියක් එක්ක 3ක් පොලිස් දැලේ
හිටපු මුදල් ඇමතිට සිතාසි
විශේෂ රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව අද රැස්වෙයි
තැපෑලේ දියුණුවට අලුත් සැලැස්මක්
ක්ෂේත්‍රයන්හි ලක්ෂ 5ක ඇබෑර්තු ?
විශේෂ රැස්වීමක් - පාර්ලිමේන්තුව හෙට රැස්වේ
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ස්ථාවරය
කොමදෝරු ඇතුළු 6ට ඇප
 
ජාතික පොලිස් කොමිසමේ හා මැතිවරණ කොමිසමේ එකඟතාව මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියා්ජ්‍ය පොලිස්පති එස්. එම්. වික‍්‍රමසිංහ, විශේෂ ආරක්ෂක දිසාවේ සිට මධ්‍යම හා ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරුකර යවා ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

වයඹ හා උතුරුමැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙන්ම මධ්‍යම වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ ජගත් අබේසිරිගුණවර්ධන, වයඹ හා උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරුකර තිබෙනවා.

ස්ථාන මාරුවීම් ලද අනෙක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වන්නේ ඩබ්ලිව්. එෆ්. යූ. ප‍්‍රනාන්දුයි. දකුණ, සබරගමුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙන්ම ඌව පළාතේ වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ඔහු, දකුණ හා සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරුකර යවා තිබෙනවා.

සේවා අවශ්‍යතාව මත මෙම ස්ථානමාරුවීම් ලබා දුන් බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න