Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මත් උවදුර මඩින්න විශේෂ පොලිස් කණ්ඩායමක් යාපනයට

|Wed,10 January 2018 11:06|Security| Page Views : 155

අලුත් පුවත්
කඳු තරණ ඉතිහාසය වෙනස් කළ සිසුන් (PHOTOS)
ප්‍රදේශ කිහිපයක පෙට්‍රල් නෑ
පොලිසියේ පුටු මාරුවක්
ගිනි අවියක් එක්ක 3ක් පොලිස් දැලේ
හිටපු මුදල් ඇමතිට සිතාසි
විශේෂ රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව අද රැස්වෙයි
තැපෑලේ දියුණුවට අලුත් සැලැස්මක්
ක්ෂේත්‍රයන්හි ලක්ෂ 5ක ඇබෑර්තු ?
 
යාපනය පුරා ඉතා සීඝ්‍රයෙන් පැතිර යන මත්ද්‍රව්‍ය උවදුර වහාම මැඩ පැවැත්වීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යාපනයට ඉල්ලා සිටීමේ යෝජනාවක් 9 දා උතුරු පළාත් සභාවේදී සම්මත වී තිබේ. උතුරු පළාත් සභාවේ 115 වෙනි සැසිවාරයේදී ඒ.ආසීම් මන්ත්‍රීවරයා විසින් සභාවට ඉදිරිපත් කරණ ලද මෙම යෝජනාව සම්මත වී ඇත.

ඒ අනුව ප්‍රධාන අමාත්‍යවරයා දැණුම් දී ඇත්තේ පළාත් සභාවේ ලේකම්වරයා විසින් මෙම යෝජනාව හා ඉල්ලීම පිළිබඳව ලිපියක් පොලිස්පතිවරයාට යැවිය යුතු බවයි.

මන්ත්‍රීවරයා යෝජනාව ඉදිරිපත් කරමින් ප්‍රකාශ කොට ඇත්තේ යාපනයේ පාසල් සිසුන් පවා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කිරීමට තරම් මත්ද්‍රව්‍ය අලෙවිකරණ ව්‍යාපාරිකයින් කූඨ අන්දමට නිපැයුම් නිෂ්පාදනය කොට ඇති බවයි.

පාසල් ළමයින් කමති වන ආකාරයට ටොෆි,බුලත් විට,චුයින්ගම් වශයෙන් මත්ද්‍රව්‍ය ඇතුළත් නිෂ්පාදන දැන් යාපනයේ වෙළද පලට පැමිණ ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා යාපනය පොලීසිය මඟින් ඒවා අත් අඩංගුවට ගැනීමට ක්‍රියා කලද යාපනයේ පොලිස් නිලධාරීන්ට ඇති කාර්ය ප්‍රමාණය ඉතා අධික බැවින් මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා පමණක් විශේෂිත වූ පොලිස් කණ්ඩායමක් යාපනයට යෙදවිය යුතු බවයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න