Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

යාපනයේ මුස්ලිම් ජනතාවගේ ස්ථාවරය කුමක්ද?

|Wed,10 January 2018 12:20 |Political| Page Views :

පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“උතුරු නැගෙනහිර ඒකාබද්ධ කල යුතුය යන කරුණේදී, යාපනයේ මුස්ලිම් ජනතාවට විකල්ප අදහසක් නොමැත” යනුවෙන් උතුරු පළාත් සභා මන්ත්‍රී ආයුප් අස්මින් ප්‍රකාශ කර ඇත.

යාපනය මහනගර සභා මැතිවරණයට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් තරග කරන මුස්ලිම් අපේක්‍ෂකයින් 04 දෙනාට සහයෝගය දක්වන අන්දමින් මෑතකදී යාපනයේ පැවැති රැස්වීමකට සහභාගි වී අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“අපගේ ඡන්ද දෙකඩ කිරීම සඳහා ඇතැම් පුද්ගලයින් දෛනිකව කටයුතු කරමින් සිටියි. මැතිවරණ ප්‍රචණ්ඩ කියා අඛණ්ඩව සිදුකරමින් සිටියි. ‍දෙමළ ජාතික සන්ධානයට මේ වනවිට බොහෝ පුද්ගලයින් චෝදනා එල්ල කරමින් සිටියි. මා එක් දෙයක් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. බලතණ්හාවෙන් සිටින ඔවුන්ට යාපනයේ මුස්ලිම් ජනතාවගේ ගැටළුව පිළිබඳව කිසිඳු අවබෝධයක් නොමැත.

මන්නාරම, වව්නියාව සහ මුලතිව් යනාදි ප්‍රදේශයන්හි දහස් ගණනක් නිවාස ඉදිකරදී ඇත. නමුත්, යාපනයේ සිටින මුස්ලිම් ජනතාවට එක් නිවසක් හෝ ඉදිකරදී නොමැත. එම කටයුතු සිදුකිරීමේදී උතුරු පළාත් සභාව බාධා ඇතිකරමින් සිටින බව ඇතැම් පුද්ගලයින් ප්‍රකාශ කරමින් සිටියි. ඒ අතරම, උතුරු නැගෙනහිර ඒකාබද්ධ කල යුතුය යන කරුණේදී යාපනයේ මුස්ලිම් ජනතාවට විකල්ප අදහසක් නොමැත” යනුවෙන් ආයුප් අස්මින් ප්‍රකාශ කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න