Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පීඩාවට පත් ජනතාවට සහයෝගය 

|Wed,10 January 2018 12:42|Political| Page Views : 36

අලුත් පුවත්
යාපනයේ මුස්ලිම් ජනතාවගේ ස්ථාවරය කුමක්ද?
ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි
මත් උවදුර මඩින්න විශේෂ පොලිස් කණ්ඩායමක් යාපනයට
කඳු තරණ ඉතිහාසය වෙනස් කළ සිසුන් (PHOTOS)
ප්‍රදේශ කිහිපයක පෙට්‍රල් නෑ
පොලිසියේ පුටු මාරුවක්
ගිනි අවියක් එක්ක 3ක් පොලිස් දැලේ
හිටපු මුදල් ඇමතිට සිතාසි
 
පරිවර්තනය කලේ(ඊපීඩීපී වෙබ් අඩවිය)

“පසුගිය කාලයේ සිදුවූ සිදුවීම් අමතක කර, අනාගතය කරා විශ්වාසයකින් ගමන් කල යුතුය. ජනතාව අපට සහයෝගය ලබාදෙන්නේ නම්, ඔවුන්ගේ සිතුවිලි සපල කිරීමට අප සූදානමින් සිටින්නෙමු” යනුවෙන් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ ලේකම් ඩග්ලස් දේවානන්දන් ප්‍රකාශ කර ඇත. මුලතිව් දිස්ත්‍රික්කයේ උඩයාර්කට්ටු ප්‍රදේශයේ මහජන නියෝජිතයින් හමුවී, වත්මන් වාතාවරණය පිළිබඳ පැහැදිලි කල අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“පසුගිය කාලයේ ලැබුණු බොහෝ අවස්ථා දෙමළ දේශපාලඥයින් නිසි අයුරින් ප්‍රයෝජනයට ගෙන තිබුණා නම්, අපගේ ජනතාව අතපෑමේ තත්වයකට පත්නොවීමට ඉඩ තිබුණි. නමුත්, ආත්මාර්ථකාමී දේශපාලඥයින් එදත් අදත් තම වාසි වෙනුවෙන් පමණක් කටයුතු කරමින් සිටියි. මැතිවර‍ණ කාලයේදී පමණක් මහජනතාව පිළිබඳ කතා කරන ඔවුන්, මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු, ඡන්දය ලබාදුන් ජනතාව අමතක කර, තම වාසි වෙනුවෙන් කටයුතු කරමින් සිටියි.

නමුත්, පසුගිය කාලයේ අපට ලැබුණු අවස්ථා, අප සතුව තිබූ සීමිත දේශපාලන බලය භාවිතා කර, ප්‍රයෝජනයට ගෙන, ජනතාව වෙනුවෙන් ඇතැම් වැඩපිළිවෙලවල් සිදුකර ඇත්තෙමු. පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, නිසි මාර්ගය සකසාගැනීමට සහ කුණු රොඩු ඉවත් කිරීම සඳහා වන ක්‍රමවේදයක් නොවේ. ජනතාවගේ මූලික අවශ්‍යතා ඇතුළු ප්‍රධාන ගැටළුවලට විසදුමක් දැකීම සඳහා වන මැතිවරණයක් ලෙස එය සකස්වී ඇත. විශේෂයෙන්, යුද්ධය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිතය ආලෝකමත් කිරීමට අප සෑමවිටම සහයෝගය ලබාදෙන්නෙමු” යනුවෙන් ඩග්ලස් දේවානන්දන් ප්‍රකාශ කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න