Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කසිප්පු ජාවාරම පොලීසිය වටලයි

|Thu,11 January 2018 09.09|Security| Page Views : 10

අලුත් පුවත්
රිච්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූ කම්පනයක්
පාර්ලිමේන්තුව ලබන 23 වනදා දක්වා කල් යයි
පලා ගිය රැඳවියා දික්වැල්ලේ දී අත්අඩංගුවට
ධිවර යාත්‍රාවක් හා නෞකාවක් ගැටෙයි
කරුණාට පනවා තිබූ තහනම ඉවතට!
පීඩාවට පත් ජනතාවට සහයෝගය 
යාපනයේ මුස්ලිම් ජනතාවගේ ස්ථාවරය කුමක්ද?
ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි
 
මාරවිල - තුම්මෝදර ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය මහා පරිමාන කසිප්පු පෙරුම් පොලක් වැටලීමට මාරවිල පොලීසියේ නිලධාරීන් සමත් වී ඇත.

පසුගිය 10 වැනිදා සවස මෙම වැටලීම සිදු කර ඇති අතර වැටලීම සිදු කරන විට කසිප්පු නිෂ්පාදනය කිරීමට සුදානම් වෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුව පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම කසිප්පු පෙරුම් පොලේ තිබී කසිප්පු නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා ගෝඩා ඩ්‍රෑම්ස් 21,600 ක් අඩංගු බැරල් 10 ක්,තඹ දගර 01 ක්,ඇතුළු උපකරණ කට්ටලයක්ද පොලිස් බාරයට ගෙන ඇත.

තුම්මෝදර ඇල ආසන්නයේ ඉතාමත්ම සුක්ෂම ලෙස සකස් කරන ලද ස්ථානයක සැකකරුවන් කසිප්පු පෙරුම්පොල පවත්වා ගෙන ගොස් ඇත.

සැකකරුවන්ද තුම්මෝදර ප්රපදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකරුවන් මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මාරවිල පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.ඩී.ආර්.ප්රිතයන්ත මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂකවරුන් වන විජිත දිසානායක,ගයාන් පුෂ්පකුමාර,පොලිස් සැරයන්වරුන් වන 23358 අනුර,57615 නිමල්,පොලිස් කොස්තාපල්වරුන් වන 47270 සුජිත් සහ 66695 ගයාන් යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න