Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විපතට පත්වූවන්ට නව නිවාස

|Thu,11 January 2018 10.13|Security| Page Views :

යුද්ධයෙන් විපතට පත්ව උතුරේ යළි පදිංචි කල වැසියන් සඳහා මේ වසරේ මුල් කාර්තුව තුල ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් ස්ථිර නිවාස 125 ක් ඉදිකිරීමට කටයුතු යොදා තිබේ.

මේ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 3000 කි.

වව්නියාව,මන්නාරම,මුලතිව්,කිළිනොච්චිය හා යාපනය යන දිස්ත්‍රික්කවලින් ඒ ඒප්‍රදේශීය ලේකම්වරුන් විසින් තෝරාගන්නා ලද පුද්ගලයින්ට මෙම නිවාස ඉදිකොට දෙනු ලැබේ.

වඩාත් හොද හා ශක්තිමත් නිවසක් එම වැසියන්ට ලබාදීමේ අරමුණින් එම නිවාස ඉදි කිරීම කොන්ත්‍රාත්කරුවන් වෙත ලබා නොදෙන අතර නිවාස ලාභීන්ගේ ශ්‍රමදායකත්වයද නිවාස ඉදිකිරීමේ කටයුතු සඳහා යොදා ගැනෙයි.

නිවාස සැලසුම හා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරුන්ගෙන් හා කාර්මික නිලධාරීන්ගෙන් නිවාස ලාභීන් වෙත නොමිලයේ සපයා දෙනු ලබයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මුදල් වලට අමතරව ඉන්දියානු නිවාස යෝජනා ක්‍රමය මත යුද්ධයෙන් විපතට පත් වූ පුද්ගලයින් සඳහා ලබාදෙන ස්ථිර නිවාස ඉදි කිරීමද උතුරු ප්‍රදේශය පුරා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය මත සිදු කෙරෙයි.

ඉන්දියානු රජය මගින් උතුරු නැගෙනහිර ප්‍රදේශ තුල ස්ථිර නිවාස 50,000 ක් ඉදිකිරීමේ කටයුතු අදියර කීපයක් යටතේ ආරම්භ කොට ඇති අතර බොහෝ ප්‍රදේශවල එම නිවාස ඉදිකොට ජනතාව වෙත බාරදීමද සිදුකොට අවසන්ව තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න