Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ශීත කළ පොල් මද බෙදා හැරීමට පියවර

|Thu,11 January 2018 10.55|Security| Page Views : 75

අලුත් පුවත්
විපතට පත්වූවන්ට නව නිවාස
කසිප්පු ජාවාරම පොලීසිය වටලයි
රිච්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූ කම්පනයක්
පාර්ලිමේන්තුව ලබන 23 වනදා දක්වා කල් යයි
පලා ගිය රැඳවියා දික්වැල්ලේ දී අත්අඩංගුවට
ධිවර යාත්‍රාවක් හා නෞකාවක් ගැටෙයි
කරුණාට පනවා තිබූ තහනම ඉවතට!
පීඩාවට පත් ජනතාවට සහයෝගය 
 
මෙරටට ආනයනය කළ පළමු ශීත කළ පොල් මද තොගය කර්මාන්ත වෙත බෙදා හැරීම ආරම්භ වුණා.පොල් සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේයි මෙම කටයුතු සිදු වන්නේ. දිසිදි පොල්, නැවුම් පොල් තෙල් හා පොල් කිරි ඇතුලු පොල් මද ආශ්‍රිත කර්මාන්තවල පිබිදීමත් සමග පොල් සඳහා වන ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළගොස් තිබෙනවා. එය පොල් මිල කෙරෙහි ද බලපෑමක් එල්ලකර ඇත්තේ ඒ අනුවයි.

වාර්ෂිකව දේශීය පොල් ඉල්ලුම පොල් ගෙඩි මිලියන 3000ක් පමණ වනවා. ඉන් 60%ත්, 70ත් අතර ප්‍රමාණයක් ඝෘජු පරිභෝජනය සඳහා වැය වනවා. ඉතිරි 30%ත්, 40ත් අතර ප්‍රමාණය කර්මාන්ත සඳහා වෙන් වනවා. මෙම ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ නැහැ. එබැවින් කර්මාන්තයට අවශ්‍ය පොල් ලබා ගැනීමේ අරමුණින් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ යෝජනාවකට අනුව පොල් මද ආනයනය කෙරෙනවා.

ඒ අනුව ගෙන්වූ පොල් මද රැගත් පළමු නෞකාව පිලිපීනයේ සිට පෙරේදා කොළඹට ළඟා වුණා. පොල් මද මෙට්‍රික් ටොන් හැත්තෑ අට දහසක් ගෙන්වීම සඳහා බලපත්‍ර ලබාදී ඇති අතර ඒ අනුව ලබන සතියේ සිට අඛන්ඩව පොල් මද ආනයනය කෙරෙනු ඇති. මෙය පොල් මිල කෙරෙහිද සුබවාදී ලෙස බලපානු ඇති බවට විශ්වාස කරනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න