Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගණේමුල්ල ගුවන් පාලම අද ජනතා අයිතියට

|Thu,11 January 2018 11.11|Security| Page Views : 11

අලුත් පුවත්
ශීත කළ පොල් මද බෙදා හැරීමට පියවර
විපතට පත්වූවන්ට නව නිවාස
කසිප්පු ජාවාරම පොලීසිය වටලයි
රිච්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූ කම්පනයක්
පාර්ලිමේන්තුව ලබන 23 වනදා දක්වා කල් යයි
පලා ගිය රැඳවියා දික්වැල්ලේ දී අත්අඩංගුවට
ධිවර යාත්‍රාවක් හා නෞකාවක් ගැටෙයි
 
ගණේමුල්ල දුම්රිය මාර්ගය මතින් ඉදි කරන ලද ගුවන් පාලම අද (11) පෙරවරුවේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා‍ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ.

ගණේමුල්ල දුම්රිය ස්ථානයට නුදුරින් ගණේමුල්ල- කඩවත මාර්ගයේ සිට කඳාන මාර්ගය දක්වා මීටර් 275 දිගින් සහ මන්තීරු 2 කින් යුත් මෙම ගුවන් පාලමේ පළමු අදියර මෙසේ ජනතා අයිතියට පත් කෙරෙන අතර මෙහි දෙවන අදියර ගණේමුල්ල-ගම්පහ මාර්ගය දක්වා තැනවීමට නියමිතය.

මෙම පාලම ඉදිකිරීම සඳහා ස්පාඤ්ඤ රජයේ ණය ආධාර යටතේ රුපියල් මිලියන 1768 ක මුදලක් වැය කොට ඇති අතර මෙහි තැනීම් කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ස්පාඤ්ඤ සහ මෙරට සමාගම් දෙකක් මගින් සිදුකොට ඇත.

මෙම පාලම ඉදිකිරීමෙන් ගණේමුල්ල දුම්රිය හරස් මාර්ගය අසල දැනට පවතින රථවාහන තදබදය නිම වන අතර මෙම පාලම ඉදිකිරීමට සමගාමිව ගණේමුල්ල නගරයේ පදික වේදිකා සැකසීම ඇතුළු මහාමාර්ගද සංවර්ධනය කෙරේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න