Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඡන්ද නිරීක්ෂණයට 7000ක්

|Fri,12 January 2018 14.40|Special| Page Views : 13

අලුත් පුවත්
පොල්ගහවෙල ගුවන්පාලම 17 දා ජනතා අයිතියට
තැපැල් ඡන්ද පති‍්‍රකා 18දාට පෙර
ගල්කිස්සේ ජංගම ගණිකා නිවස
යතුරුපැදිකරුවෙකුට හැට අටදහසක දඩ
මිල අධික මත්ද්‍රව්‍යය විශේෂයක් කටුනායක දී කොටු
පාතාල නායකයින් දෙදෙනකු අල්ලන්න ඇමති ජාත්‍යන්තර සහය පතයි
පොලිතින් නිෂ්පාදන අලෙවි කරන ස්ථාන වැටලීමේ මෙහෙයුමක්
පාසල් දරු දැරියන්ට පරිසර පදක්කම් පිරිනමයි
 
පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂකයින් 7000 කට ආසන්න පිරිසක් යොදවන බව පැෆරල් සංවිධානය පවසයි.

නාමයෝජනා දුන් දිනයේ සිට මෙම නිරික්ෂකයින් විසින් පුර්ව මැතිවරණ සමය නිරික්ෂණය කරමින් සිටින බව ද එම සංවිධානය කියයි.

මැතිරවණ දිනය මෙන්ම මැතිවරණයට පසු දින කිහිපයක් ද නිරික්ෂණය කිරිම මෙම නිරික්ෂකයන් විසින් සිදු කරනු ඇතැයි පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.

දිවයිනේ සියලූම මැතිවරණ කොට්ඨාස ආවරණය වන අන්දමින් පළපුරුදු දිගුකාලින නිරික්ෂකයින් 160 ක් ද යොදවා ඇතැයි හෙතෙම සඳහන් කළේය.

පූර්ව මැතිවරණ සමයේ යම් යම් සිද්ධීන් සිදුවිය හැකියැයි අනුමාන කරන ඡන්ද මධ්‍යස්ථාන සඳහා වැඩි සැලකිල්ලක් දක්වමින් ස්ථානගත නිරික්ෂකයන් 4000 කට අධික පිරිසක් යෙදවීමටත් එහි දී ආවරණය නොවන ඡන්ද මධ්‍යස්ථාන සඳහා ජංගම නිරික්ෂකයින් සිව් දෙනකු බැගින් යෙදවූ රථ 341ක් යෙදවීමටත් අපේක්ෂිත බව ද හෙට්ටිආරච්චි මහතා පැවැසීය.

මේ අතර 22, 25, සහ 26 යන දිනවල පැවැත්වෙන තැපැල් ඡන්දය නිරික්ෂණය සඳහා නිරීක්ෂකයින් දහසක් යෙදවීමට කටයුතු කරන බව ද ඔහු කීවේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න