Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හෙද වර්ජනය අවසන් වෙයි

|sat,13 January 2018 10.45|Security| Page Views : 13

අලුත් පුවත්
තැපැල් ඡන්ද පත්‍රිකා අද තෑපෑලට බාර දෙයි
අද කාලගුණය මෙහෙමයි
පොල්ගහවෙල ගුවන්පාලම 17 දා ජනතා අයිතියට
ලසිත් මාලිංග ගෙන්වූ කෝටි තුනකට ආසන්න BMW i8 සුපිරි රථය මෙන්න
“අනේ මහත්තයො අපි තලවකැලේ. අපේ අම්මා cancer hospital එකේ නවත්තලා ඉන්නෙ, ගමට යන්න මට සත පහක්වත් නෑ”
දෙවැනි ඉනිම තමයි මම රඟපාන අවසාන මෙගා ටෙලි නාට්‍යය – දෙවෙනි ඉනිමේ දෙව්මි කියපු කතාව
ගැබ්බර මුව දෙනකු ඝාතනය කළ දෙදෙනෙකු පොලිස් දැලේ
 
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හෙද වර්ජනය නතර කර තිබෙනවා. ඔවුන්ගේ පැමිණීම සහ පිටවීම සටහන් කිරීම සදහා ඇඟිලි සලකුණු යන්ත්‍රයක් හදුන්වාදීමට එරෙහිවයි වැඩ වර්ජනය ක්‍රියාත්මක වුණේ. පැවති සාකච්ඡාවලින් පසු වර්ජනය අවසන් කිරීමට හෙද හෙදියන් එකග වූ බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එන් එස් ඒ සේනාරත්න මහතා අයිටීඑන් ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එන් එස් ඒ සේනාරත්න,

“ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දින 10ක් පුරා දියත් වුණ මේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නිසා රෝහලේ කටයුතු සම්පූර්ණයෙන්ම බිඳ වැටුණ අවස්ථාවක අපේ රෝහලේ සභාපතිතුමා විසින් නැවතත් ආරාධනා කර සිටියා මෙම රාජ්‍ය සේවක එක්සත් හෙද සංගමයට සාකච්ඡාවලට පැමිණ මේ ප්‍රශ්නය නිරාකරණය කරගනි වී කියා…

ඒ අනුව ගරු මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ සහ එම නිලධාරීන් අද උදෑසන 9.30ට අප රෝහලේ අධ්‍යක්ෂකතුමා, සභාපතිතුමා සමඟ සාකච්ඡා කළා… එහාදී ඔවුන් දන්වා සිටියා තාවකාලිකව මෙම ඇඟිලි සලකුණු යන්ත්‍ර මඟින් පැමිණිලි සටහන් කිරීම ඉවත් කර ඔවුන්ට වේතනවලට අත්සන් කිරීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙන්න කියලත්…

එහි ඇති ප්‍රායෝගික ගැටළු සහ ඔවුන් ඉදිරිපත් කරන ලද කරුණු අමාත්‍යංශ මට්ටමෙන් පත් කරන ලද කමිටුවකින් සාකච්ඡා කර විසඳුම් සොයා ලබාදෙන නිර්දේශ අනුව ඉදිරියේදි කටයුතු කිරීමට ඔවුන් සූදානම් බවත්… ප්‍රතිපත්තියක් ලෙස මෙය පිළිගන්නා බවත්… ඒ අනුව අපි ලිඛිතව එම ඉල්ලීම්වල එකඟතාවය ලබා දුන්නා… ඒ අනුව මේ අවස්ථාවේ සිට වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය නතර වනු ඇත….”

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න