Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මඩගැසීමට උත්සාහ කරමින් සිටියි

|Sat,13 january 2018 11.34|Security| Page Views : 17

අලුත් පුවත්
හෙද වර්ජනය අවසන් වෙයි
තැපැල් ඡන්ද පත්‍රිකා අද තෑපෑලට බාර දෙයි
අද කාලගුණය මෙහෙමයි
පොල්ගහවෙල ගුවන්පාලම 17 දා ජනතා අයිතියට
ලසිත් මාලිංග ගෙන්වූ කෝටි තුනකට ආසන්න BMW i8 සුපිරි රථය මෙන්න
“අනේ මහත්තයො අපි තලවකැලේ. අපේ අම්මා cancer hospital එකේ නවත්තලා ඉන්නෙ, ගමට යන්න මට සත පහක්වත් නෑ”
දෙවැනි ඉනිම තමයි මම රඟපාන අවසාන මෙගා ටෙලි නාට්‍යය – දෙවෙනි ඉනිමේ දෙව්මි කියපු කතාව
 
පරිවර්තනය කලේ(අයිබීසීටැමිල් වෙබ් අඩවිය)

“දෙමළ ජාතික සන්ධානය පාවාදී ඇති බව ප්‍රකාශ කරන ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ද එක් කාලයකදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇත.

නමුත්, දිනෙක සත්‍යය අනාවරණය වනු ඇත. ඇතැම් පුද්ගලයින් දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය විවේචනය කර, තමන් යහපත් පුද්ගලයින් බව පෙන්වීමට උත්සාහ කරමින් සිටියි” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.යෝගේෂ්වරන් ප්‍රකාශ කර ඇත.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ජයන්තිපුරම් ප්‍රදේශයේ 2018.01.11 වන දින පැවැති මැතිවරණ ප්‍රචාරක රැළියකට සහභාගි වී කතා කල අවස්ථාවේදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

“දෙමළ ජාතික සන්ධානය මේ දක්වා සිදුකල සංවර්ධනය කුමක්ද? යන්න ඇතැම් පුද්ගලයින් විමසනු ඇත. අප දෙමළ ජනතාවගේ ඉල්ලීම් ඉටුකරදීම සඳහා කටයුතු කරමින් සිටින්නෙමු.

මධ්‍යම රජයේ විපක්‍ෂය ලෙස සිටියත්, පළාත් පාලන ආයතනවල බලය ලබාගැනීමට හැකිවුවහොත්, සියල්ල නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇත” යනුවෙන් සී.යෝගේෂ්වරන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න