Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දෙකඩ කිරීම දවල් සිහිනයකි

|Sat,13 january 2018 11.45|Political| Page Views : 11

අලුත් පුවත්
කොළඹ මගී ප්‍රවාහනයට විදුලි බස් රථ 18ක්
සුපිරි ක්‍රීඩක මහේල ධර්මසේනට සර් කියද්දී, නව නායක මැතිව්ස්, පුහුණුකරු හතුරුසිංහට අයියා කියන්නේ කොහොමද..?
මඩගැසීමට උත්සාහ කරමින් සිටියි
හෙද වර්ජනය අවසන් වෙයි
තැපැල් ඡන්ද පත්‍රිකා අද තෑපෑලට බාර දෙයි
අද කාලගුණය මෙහෙමයි
පොල්ගහවෙල ගුවන්පාලම 17 දා ජනතා අයිතියට
 
පරිවර්තනය කලේ(ආදවන් වෙබ් අඩවිය)

“දෙමළ ජාතික සන්ධානය පරාජය කිරීම සඳහා විවි‍ධ අදහස් ප්‍රකාශ කර, ඇතැම් පුද්ගලයින් ජනතාව මධ්‍යයේ ව්‍යාකූල තත්වයක් ඇතිකිරීමට උත්සාහ කරමින් සිටියි” යනුවෙන් උතුරු පළාත් සභා මන්ත්‍රී පී.සත්‍යලිංගම් ප්‍රකාශ කර ඇත.

වව්නියාව පුදුකුඩුහිරිප්පුහි පිහිටි තමිලරසු පක්‍ෂ කාර්යාලයේදී, දෙමළ ජාතික සන්ධානයේ ප්‍රථිපත්ති ප්‍රකාශනය 2018.01.11 වන දින එළිදක්වා කතා කල අවස්ථාවේදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

“පළාත් පාලන ආයතන සඳහා වන මැතිවරණය පැවැත්වීමට පෙර බොහෝ වෙනස්කම් සිදුකර ඇත. වව්නියාව නගර සභාව මහනගර සභාවක් ලෙස වෙනස් කිරීමට ක්‍රියාමාර්ග ගෙන තිබුණි.

එය වැළැක්වීමට බොහෝ දේශපාලන පක්‍ෂ උත්සාහ කරන ලදි. සංවර්ධනය පිළිබඳ කරුණු හැර, දේශපාලන පක්‍ෂ පළාත් පාලන මැතිවරණයට අදාල නොවන කරුණු පිළිබඳව කතා කරමින් සිටින බව මේ වනවිට දැකගැනීමට ඇත. පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී, ‘ද්‍රවිඩ එක්සත් විමුක්ති සන්ධානය’ යන නමින් පක්‍ෂයක් පිහිටුවාගෙන, ජනතාවගෙන් ඡන්දය ලබාගැනීමට බොහෝ පුද්ගලයින් උත්සාහ කරමින් සිටියි.

දෙමළ ජාතික සන්ධානය මෙරටේ නිල විපක්‍ෂය ලෙස ඇත. එබැවින්, ‘ද්‍රවිඩ එක්සත් විමුක්ති සන්ධානය’ යන නම වෙනස් කර, වෙනත් යහපත් නමක් තබන මෙන් එම පක්‍ෂයේ පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටින්නෙමු. ඒ හැර, දෙමළ ජාතික සන්ධානය දෙකඩ කිරීමට උත්සාහ කිරීම දවල් සිහිනයක් වනු ඇත” යනුවෙන් පී.සත්‍යලිංගම් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න