Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වෙනසක් කිරීමට මැතිව්ස් සූදානම්

|Sat,13 january 2018 13.55|Special| Page Views : 17

අලුත් පුවත්
ඩෙංගු වැළැක්වීමට බැක්ටීරියාවක්
පෙම්වතා සහ ඔහුගේ යාළුවන් දෙදෙනෙක්ගේ ගොදුරක් බවට පත්වූ අවුරුදු 14ක දැරිය ගෙල වැලලාගන්න කලින් ලිව්ව සංවේදී ලිපිය
ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇත.
දෙකඩ කිරීම දවල් සිහිනයකි
කොළඹ මගී ප්‍රවාහනයට විදුලි බස් රථ 18ක්
සුපිරි ක්‍රීඩක මහේල ධර්මසේනට සර් කියද්දී, නව නායක මැතිව්ස්, පුහුණුකරු හතුරුසිංහට අයියා කියන්නේ කොහොමද..?
මඩගැසීමට උත්සාහ කරමින් සිටියි
හෙද වර්ජනය අවසන් වෙයි
 
මේ මස 15 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(12 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව දිවයිනෙන් පිටත්ව ගියේය.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සත්කාරක බංග්ලාදේශට සහ සිම්බාබ්වේට එරෙහිව තරග වැදීමට නියමිතය. ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් කටයුතු කරයි.

ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති ආගමික වතාවත්වලට එක්වූ අතර, ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කණ්ඩායමේ නායක මැතිව්ස් කියා සිටියේ තරගාවලිය ජයග්‍රහණය කිරීමට කණ්ඩායම සුදුසු මානසික මට්ටමකින් පසුවන බවයි.

ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා සීමිත පන්දු වාර ක්‍රිකට් නායකත්වයට නැවත පත් වීමෙන් පසු සහභාගී වන පළමු තරගාවලිය මෙන්ම නව පුහුණුකරු චන්දික හතුරුසිංහගේ පළමු තරග සංචාරය ද මෙයයි.

– ඇන්ජලෝ මැතිව්ස් – අපි පිලිගන්නවා ගිය වසරේ එක්දින කණ්ඩායම ටිකක් බිඳ වැටිලා තියනවා නමුත් දවස් 15ක් විතර නව පුහුණුකරු හතුරුසිංහ මහත්තයා සමග ඉතාමත් මහන්සියෙන් වැඩ කළා. වෙනසක් බලා ගන්න පුළුවන් ඉදිරියේදී. ඉස්සර බංගලාදේශය වත්, ඉස්සර සිම්බාබ්වේ කණ්ඩායමවත් නෙමෙයි. ලොකු අභියෝගයක් නමුත් අපේ කණ්ඩායමේ ඉන්න සියලුම ක්‍රීඩකයන් ඉතාමත් ම දක්ෂ ක්‍රීඩකයින්. කණ්ඩායමේ හොඳ සමබරතාවයක් තියනවා. විශ්වාස කරනවා ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න