Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හෙට පාසල් නිවාඩු දිනයක් බවට පලවන වාර්තා අසත්‍යයි

|Sun,14 january 2018 13.20|Miscellaneous| Page Views : 43

අලුත් පුවත්
ඉදිරියේ එන වියළි කාලගුණය ගැන විදුලිබලේ මතක් කරයි
“මම හිටියේ කළකිරුණු මානසිකත්වයකින්, මගේ කුසට දරුවෝ ඇවිත් කිහිප වතාවක්ම නැතිවුණා”
මම මෙතනට එන්න ගොඩක් දේවල් කැප කලා දෙවෙනි ඉනිම – චුටි මැණිකේ
හැටන් ගොවිපලේ අසාමාන්‍ය බිත්තරය
WhatsApp Flaw
පිටකොටුව ස්ථානාධිපතිට ස්ථාන මාරුවක්
බස්නාහිරට හා සබරගමුවට අදත් වැසි
ගම්පහ මාදෙල්ගමුව ප්‍රදේශයේ වෙඩි තැබිමක්
 
හෙට දින පාසල් නිවාඩු දිනයක් නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

රාජ්‍ය අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් මහතා ප්‍රකාශ කළේ, පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ ජාතික උත්සවය හේතුවෙන් එම පියවර ගත් බව ය.

තෛපොංගල් උත්සවයට සමගාමීව හෙට දින පාසල් වසා දැමෙන බවට පලවන වාර්තාවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව ද ඔහු සඳහන් කළේය.

මේ අතර, මධ්‍යම සහ ඌව පළාතේ, දමිළ මාධ්‍ය පාසල් සඳහා හෙට දින නිවාඩු දිනයක් බව මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

ඒ සම්බන්ධයෙන්, මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ, හෙට දින පාසල් නිවාඩු දිනයක් ලබා දී නොමැති බව ත් සමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙන බව ය.

ඌව පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම්. රත්නායක මහතා ප්‍රකාශ කළේ, තෛපොංගල් උත්සවය වෙනුවෙන්, හෙට දින පළාතේ දමිල මාධ්‍ය පාසල්වලට නිවාඩු ලබා දී ඇති බව ය.

ඒ වෙනුවට ලබන සෙනසුරාදා පාසල් පැවැත්වීමට පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න