Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අමාත්‍යවරයා හමුවූ සෙල්වම් අඩෙයික්කලනාදන්!

|Thu,22 February 2018 12.58|Political| Page Views : 13

අලුත් පුවත්
අහිමිවන තත්වයක් දැකගැනීමට ඇත
රථ වාහන ආනයනයේ දී පනවා තිබූ සීමාවන් ලිහිල් කෙරේ
ජනපති පාර්ලිමේන්තුවට එයි
තලෛමන්නාරම් දුම්රිය මාර්ගය තාවකාලිකව වැසෙයි
නවීන මෝටර් රථ වලට අංක තහඩු නිකුත් කිරීමේ වෙනසක්
යටත් විජිත යුගයේ කාලතුවක්කුව මහජන ප්‍රදර්ශනයට
බස්නාහිරටම වකුගඩු කාන්දු පෙරන ඒකක
ටැබ් දෙන්න ගිය සල්ලි මේවට දෙන්නලු
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

මන්නාරම දිස්ත්‍රික්කයේ ගොවිතැන් කරන ජනතාව මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් වාරිමාර්ග අමාත්‍ය ගාමිණ විජිත් විජයමුණි සොයිසා හමුවී සාකච්ඡා කර ඇත. 2018.02.20 වන දින මෙම සාකච්ඡාව පවත්වා ඇත.

ගොවිතැන් විනාශවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානයට ගෙනගොස් ඇති අවස්ථාවකදී, මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. ඒ හේතුවෙන්, මෙම සාකච්ඡාව පවත්වා ඇත.

මන්නාරම දිස්ත්‍රික්කයේ පවතින වියළි කාළගුණය හේතුවෙනුත්, කට්ටුක්කරෙයි වැවේ ජල මට්ටම පහත වැටීම හේතුවෙනුත් එම දිස්ත්‍රික්කයේ ගොවිතැන් කටයුතු සිදුකරන ගොවීන් කෘෂිකාර්මික සංවිධාන සහ ජලපවාහන සංගමය යනාදිය ඒකාබද්ධවී මෑතකදී මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් සංදේශයක් භාරදී ඇත.

නමුත්, ගොවීන්ට මේ දක්වා විසඳුමක් ලබාදී නොමැති අවස්ථාවකදී, එම ගොවීන් වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් හමුවී තම ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

විශේෂයෙන්, නාච්චියාතිව් වැවෙන් ජල පහසුකම් සළසා දුන්නහොත්, අක්කර 7000ක පමණ වගාකර ඇති තම ගොවිතැන් කටයුතු ආරක්‍ෂා කරගැනීමට හැකි බව එම ගොවීන් ප්‍රකාශ කර ඇත.

පවුල් සිය ගණනක් ආරක්‍ෂා කරගැනීමට හැකිවනු ඇති බවද ගොවීන් ප්‍රකාශ කර ඇත.

ඒ අතරම, ගොවීන් මුහුණදෙන මෙම තත්වය පිළිබඳව පැහැදිලි කර, නාච්චියාතිව් වැවෙන් ජල පහසුකම් සලසාදෙන මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන්, අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඉල්ලීම පිළිගත් වාරිමාර්ග අමාත්‍යවරයා, අදාල නිලධාරින් සමග හදිසි සාකච්ඡාවක් පවත්වා, මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා බවට පොරොන්දුවී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න