Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මතගැටුම් වැළැක්වීමට රජය ක්‍රියාමාර්ග ගත යුතුය

|Thu,01 March 2018 14.30|Political| Page Views : 12

අලුත් පුවත්
හලාවත මහා රෝහලේ සුළු සේවකයන් වැඩවර්ජනයක
විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි
ප්‍රචණ්ඩ ක්‍රියාව දැඩිලෙස හෙළාදකින්නෙමු ..
මල්වත්ත පාරේ පදික වෙළඳුන් ඉවත් කිරීමට ලිපියක්
ලක්ෂ 60ක හෙරොයින් සමග සැකකාරියක් අල්ලයි
වැල්ලවාය කුරුමිනියාගල රක්ෂිතයේ ගින්නක්
අග්‍රාමාත්‍යවරයා අද සිංගප්පූරුවට..
 
පරිවර්තනය කලේ(අයිබීසී ටැමිල් වෙබ් අඩවිය)

“අම්පාර නගරයේ සිදුකලා මෙන්, මෙරට තුල මෙවැනි කුරිරු සිදුවීම් නැවත සිදුනොවන අන්දමින් ආරක්‍ෂක අංශ පෙරාතුවම ක්‍රියාමාර්ග ගෙන, එය තහවුරු කල යුතුය” යනුවෙන් සමස්ථ ලංකා මහජන කොංග්‍රස් පක්‍ෂයේ නායක මෙන්ම අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ප්‍රකාශ කර ඇත.

අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී, දිස්ත්‍රික් ලේකම් තුසිත බී වනසිංහගේ ප්‍රධානත්වයෙන් 2018.02.28 වන දින පැවැති සාකච්ඡාවට සහභාගි වී කතා කල අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

“අම්පාර නගරයේ පිහිටි මුස්ලිම් පල්ලිය වෙත 2018.02.26 වන දින සිදුකල පහරදීමෙන් අනතුරුව, එම ප්‍රදේශයේ ජීවත්වන ජනතාව බියකින් සිටියි. මුස්ලිම් පල්ලියේ ආගමික කටයුතුවල නිරතවීමට පවා බියක් දැක්වීම හේතුවෙන්, පල්ලිය අසල පොලිස් මුරපොලක් ඉදිකර දෙන මෙන් මාගෙන් ඉල්ලීමක් කර ඇති අතර, එය ඉදිකිරීමට ක්‍රියාමාර්ග ගන්නා මෙන් මෙම අවස්ථාවේදී ඉල්ලා සිටින්නෙමි. ජනවර්ග අතර මතගැටුම් ඇතිකරන අන්දමින් මෙම ප්‍රදේශයේ මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවක් ආරම්භ කර ඇත. මෙම තත්වය කඩිනමින් පාලනය නොකලහොත්, රට තුල විවිධ ගැටළු ඉස්මතුවිය හැකිය. මෙම පල්ලිය වෙත පහරදීමේ සිදුවීම ජාත්‍යන්තර මාධ්‍යයන් හරහා මේ වනවිට ජාත්‍යන්තර ප්‍රජාව වෙත ගොස් ඇත.

සිංහල, මුස්ලිම් සහ දෙමළ ජනතාව මෙම ප්‍රදේශයේ සමගියෙන් දීර්ඝ කාලයක් ජීවත්වෙමින් සිටියි. එබැවින්, ඔවුන්ගේ ආරක්‍ෂාව තහවුරු කල යුතුය. ඒ සඳහා විශේෂයෙන්, පොලිස් නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මා කිසිඳු අවස්ථාවක බාධා ඇතිකර නොමැත. ඔවුන් නීතිය ක්‍රියාත්මක කර, මෙවැනි සිදුවීම් නැවත සිදුනොවන අන්දමින් වැළැක්වීම සඳහා වන සාම කමිටුවක් පිහිටුවා, සාමය ස්ථාපිත කරන මෙන් මෙම අවස්ථාවේදී ඉල්ලා සිටින්නෙමි. මෙම සිදුවීම සැළසුම් සහගතව සිදුකල ක්‍රියාවක්ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් නිසිලෙස පරීක්‍ෂණයක් පවත්වා, වාර්තාවක් ඉදිරිපත් කිරීමේ වගකීම පොලීසියට ඇත. ගතවූ වසර 40 – 50 ත් අතර කාලයක් මෙම ප්‍රදේශයේ මෙවැනි ගැටළු මතුවී නොමැත. මෙවැනි පසුබිමකදී, මුස්ලිම් වෙළඳසැල් 03කට පහරදීමේ සිදුවීම, සැළසුම් සහගතව සිදුකල ක්‍රියාවක්ද? යන්න සම්බන්ධයෙන් සැකයක් මතුවී ඇත. මෙහි ආරක්‍ෂාව තහවුරු කලයුතු වගකීම පොලීසියට ඇත” යනුවෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ප්‍රකාශ කර ඇත.

පොලීසියේ සහ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලදාරින් සහභාගි වූ මෙම සාකච්ඡාවට නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලි, එක්සත් ජනතා පෙරමුණේ නායක හසන් අලි, සමස්ථ ලංකා මහජන කොංග්‍රස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින්වන නෞෂාඩ්, අන්සිල් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න