Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දෙමළ ජනතා සංසදයට එක්විය යුතුය ..

|Mon ,05 March 2018 13:10|Political| Page Views : 29

අලුත් පුවත්
ස්කොට්ලන්තය 2019 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගනී
සිමෙන්ති මිල වැඩි ව‍ෙයි
පුද්ගලයින් 600 වැඩි පිරිසක් ජීවිතකෂයට පත්කරමින් සිරියාවේ ගැටුම් උග්‍ර වෙයි
චීන ජනපති තීරණයක් ගනී
ඩොනල්ඞ් ට‍්‍රම්ප් බලලෝභියෙක් ද?
කොළඹ වරායේ කන්ටේනර් රථ රියදුරන් හා සහායකයින් ලෙඩ වෙයි
විදුලි කාර්මිකයන්ටත් බලපත්‍ර ලබාදීමක්
චන්දිමාල්ගේ බාල සහෝදරයා පාසල් ක්‍රිකට් පිටිය හොල්ලයි
 
පරිවර්තනය කලේ(ආදවන් නිව්ස් වෙබ් අඩවිය)

“ජනතාවට ආදරය කරන පුද්ගලයින් දෙමළ ජනතා සංසදයට එක්වී සහයෝගය දැක්විය යුතුය” යනුවෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත.

ජනාධිපති නීතිඥ එම්.සිට්ට්‍රම්බලම්, නීති ක්‍ෂේත්‍රයට යොමුවී වසර 50ක කාලයක් සපිරී ඇත. ඒ නිමිත්තෙන් වව්නියාව නීතිඥ සංගමයේ ප්‍රධානත්වයෙන් 2018.03.03 වන දින වව්නියාවේ පැවැති වැඩසටහනකට සහභාගිවී කතා කල අවස්ථාවේදී ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

“නීතිඥ සිට්ට්‍රම්බලම්ගේ කැපවීම සහ අධීක්‍ෂණය යනාදිය හේතුවෙන්, 2017.08.03 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය සහ 2011.09.29 වන දින සිවිල් අභියාචනාධිකරණය යනාදී අධිකරණ වව්නියාවේ ස්ථාපිත කරන ලදි. 1980 වර්ෂයේ දිස්ත්‍රික් ලේකම්ධූරයට පත්වූ නීතිඥ සිට්ට්‍රම්බලම්, ඔහු එම ධූරකාලයේදී පණ්ඩාරවන්නියන් රජුගේ පිළිරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පිවිසෙන දොරටුව ආසන්නයේ ස්ථාපිත කරන ලදි. ඉන් අනතුරුව, වව්නියාව දිස්ත්‍රික් නගර සභාවේ උප නගරාධිපතිවරයා ලෙස කටයුතු කරන ලදි. 1990 වර්ෂයේදී ඔහුට ජීවිත තර්ජනයක් එල්ලවීම හේතුවෙන්, කැනඩාවට ගොස් ජීවත්වන ලදි. එහි ප්‍රජා අයිතිය ලැබී තිබූ අවස්ථාවේදීත්, ඔහු නැවත මෙරටට පැමිණියහ. වව්නියාව අධිකරණ පරිශ්‍රය තුල නීති පුස්ථකාලයක් විවෘත කිරීමට උත්සාහ කරන ලදි. 2011.09.29 වන දින එම පුස්ථකාලය විවෘත කරන ලදි. නීති ආධාර කොමිෂන් සභාවේ වව්නියා අධ්‍යක්‍ෂකවරයා ලෙස ඔහු වසර 10කට වැඩි කාලයක් කටයුතු කර ඇත. ඔහුගේ සේවය ඇගයීමකට ලක්කර සම්මානයක් හිමිවිය. ඔහු 2012.11.15 වන දින ජනාධිපති නීතිඥවරයෙකු ලෙස දිවුරුම්දෙන ලදි. වසර 15කට වැඩි කාලයක් ඔහු වැඩ බලන මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරමින් සිටියි.

දේශපාලනයට පිවිසීමට අවස්ථා කිහිපයක් ලැබුණත්, ඔහු ඒවා ප්‍රතික්‍ෂේප කර ඇත. ඔහු වැනි ජනතාවට ආදරය කරන පුද්ගලයින් දේශපාලනයට එක් නොවුනත්, මහජන සංවිධානයක් ලෙස කටයුතු කරමින් සිටින අපගේ දෙමළ ජනතා සංසදයට එක්වී, අපට සහයෝගය දැක්විය යුතුය” යනුවෙන් ප්‍රධාන අමාත්‍ය සී.වී.විගනේෂ්වරන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න