Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

චෝදනාව ප්‍රතික්ෂේප කරන්නෙමි ..

|Mon ,05 March 2018 13:25|Political| Page Views : 28

අලුත් පුවත්
දෙමළ ජනතා සංසදයට එක්විය යුතුය ..
ස්කොට්ලන්තය 2019 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගනී
සිමෙන්ති මිල වැඩි ව‍ෙයි
පුද්ගලයින් 600 වැඩි පිරිසක් ජීවිතකෂයට පත්කරමින් සිරියාවේ ගැටුම් උග්‍ර වෙයි
චීන ජනපති තීරණයක් ගනී
ඩොනල්ඞ් ට‍්‍රම්ප් බලලෝභියෙක් ද?
කොළඹ වරායේ කන්ටේනර් රථ රියදුරන් හා සහායකයින් ලෙඩ වෙයි
විදුලි කාර්මිකයන්ටත් බලපත්‍ර ලබාදීමක්
 
පරිවර්තනය කලේ(සුපීඩ්සම් වෙබ් අඩවිය)

“ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයාට පහරදීමට මා උත්සාහ කල බවත්, ප්‍රධාන සාකච්ඡාවකට ආරාධනා නොකළ බවත්, සත්‍යයට පටහැනි බොහෝ කරුණු ඔහු ප්‍රකාශ කල බවට බොහෝ පුවත්පත්වල සහ සමාජ වෙබ් අඩවිවල පලකර තිබූ පුවත්වල කිසිඳු සත්‍යතාවයක් නොමැත” යනුවෙන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ලේකම් වී.ආනන්දසිංගරි ප්‍රකාශ කර ඇත. මේ සම්බන්ධයෙන් ඔහු නිකුත් කර ඇති නිවේදනයේ මේ බව සඳහන් කර ඇත.

“අනතුරකට ලක්වී බරපතල ලෙස තුවාල ලබා, බොහෝ ශල්‍යකර්ම සිදුකර, සුවය ලබාසිටින අපගේ පක්‍ෂයේ උප නායක පී.ශිවකුලතිලකසිංගම්, ශිවසුබ්‍රමනියම්ගේ මෝඩ කටයුතු හේතුවෙන් හදිසියේ මරණයට පත්වන ලදි. ඔහුට ගෞරවය දැක්වීම සඳහාත්, අවමංගල්‍ය කටයුතු සිදුකිරීම සම්බන්ධයෙනුත් සාකච්ඡා කිරීමට පමණක් පක්‍ෂයේ උප නායක සෝමසුන්දරම්ගේ ප්‍රධානත්වයෙන් එදින ක්‍රියාකාරී කමිටුව හදිසියේ රැස්කරන ලදි.

එම අවස්ථාවේදී, සාධාරණකරණීය කල නොහැකි ඔහුගේ පැමිණීම, සියළුදෙනාට මවිතියක් ඇතිකරන ලදි. පී.ශිවසුබ්‍රමනියම් සමග පැවැති දුරකථන සංවාදයේ පීඩනය හේතුවෙන්, ශල්‍යකර්මයකට භාජනය කර, සුව අතට පත්වෙමින් සිටි අපගේ පක්‍ෂයේ උප නායකයා හදිසියේ මරණයට පත්විය. මේ හේතුවෙන්, විශාල වශයෙන් වේදනාවට පත්ව සිටි අපගේ පක්‍ෂයේ ක්‍රියාකාරී කමිටුවේ නියෝජිතයින්, ශිවසුබ්‍රමනියම්ගේ කටයුතු පිළිබඳව දැඩිලෙස කෝපයට පත්වී සිටියි.

ගතවූ මාස 06ක කාලයක සිට ඔහු සමඟ අපගේ පක්‍ෂය කිසිදු සම්බන්ධතාවයක් පවත්වා නොමැත. ඔහු පිළිබඳව සැකයක් මතුවී තිබීම හේතුවෙන්, කිසිඳු වැඩසටහනකට අප ඔහුට ආරාධනා නොකරන්නෙමු. ඔහු මෙම සාකච්ඡාවට සහභාගිවීම, සැළසුම් සහගතව සිදුකල ක්‍රියාවක් බව මා අදහස් කරන්නෙමි.

මෙම රැස්වීමෙන් පිටව යන ලෙස මා ඔහුට නියෝග කළෙමි. එය ඔහු ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, පරිපාලන සභාවේ නියෝජිතයින් විසින් ඔහුව ඉවතට යවන ලදි. ඔහු පිළිබඳව පොදු සභාවේදී තීරණයක් ගැනීමට නියමිතය. මෙම කරුණේදී මා මැදිහත් නොවුණහොත්, ඔහුගේ ක්‍රියා කලාපය හේතුවෙන්, විශාල විනාශයක් සිදුවීමට ඉඩ තිබුණි. අදාල පුද්ගලයා විසින් යාපනය පොලිස් ස්ථානයේ සිදුකර තිබූ පැමිණිල්ල පදනම් කරගෙන, පුවත් පලකිරීමට පෙර, මා සමග සම්බන්ධවී තිබුණා නම්, අදාල කරුණ සම්බන්ධයෙන් ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් සිදුකිරිමට තිබුණි” යනුවෙන් එම නිවේදනයේ සදහන් කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න