Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සාමය පිළිබිඹු කරන සමරුපලක යහපත්

|Tue ,06 March 2018 13:40|Political| Page Views : 12

අලුත් පුවත්
ස්ථාවරය පාර්ලිමේන්තු කමිටුවට ..
මුලතිව් මුහුද වෙනස් වෙයි
තෙල්දෙනියට යළි පොලිස් ඇඳිරි නීතිය පනවයි ...
ශ්‍රීලනිප මන්ත්‍රීන් පිරිසක් අද තීන්දුවක් ගැනීමට යයි ...
අද උදෑසන ෆේස්බුක් වල සිදුවූ වෙනස මෙන්න .
ටිකට් ගත් ක්‍රීඩා ලෝලීන්ගෙන් ක්‍රිකට් ආයතනය ඉල්ලීමක් කරයි ..
අද තරගයට සියල්ල සූදානම්
කන්ටේනර් රථ රියදුරන් සහ සහයකයින් ගේ වර්ජනය තවදුරටත් ...
 
පරිවර්තනය කලේ(ලංකාවන් වෙබ් අඩවිය)

“අපගේ ප්‍රදේශයන්හි සේවය කර, නික්ම යන පුද්ගලයින්ට ලබාදෙන සමරුපලක සාමය පිළිබිඹු කරන එකක් ලෙස සකස් කල යුතුය. ඒවා ප්‍රචණ්ඩත්වය අවුළුවාලන සමරුපලක නොවිය යුතුය” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව සඳහා වන යාපනයේ පිහිටි ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කල ඒ.නඩරාජා මහතා‍ නික්ම යෑම නිමිත්තෙන් දිවා භෝජන සංග්‍රහ වැඩසටහන මුස්ලිම් ජනතාව වෙනුවෙන් 2018.03.04 වන දින යාපනය ‘රිල්කෝ’ පෞද්ගලික හෝටලයේදී පවත්වා ඇත. එම වැඩසටහනට සහභාගිවී කතා කල අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“ශ්‍රී ලංකාව සඳහා වන ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය යාපනයේ විවෘත කල කාලයේ සිට මේ දක්වා ඉන්දීය රජය විසින් දෙමළ ජනතාවට අවශ්‍ය සංවර්ධන කටයුතු සහ දේශපාලන උපකාර සිදුකරමින් සිටියි. උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි දෙමළ ජනතාව බහුතරයක් ලෙස ජීවත්වෙමින් සිටියි. ඔවුන් සඳහා වන අයිතීන් සම්බන්ධයෙන් ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් තබා ඇත. ඒ හේතුවෙන්, ඉන්දු - ලංකා ගිවිසුම දේශපාලන විසඳුමක් පිළිබඳ කරුණේදී, එය ප්‍රධාන ලේඛණයක් ලෙස අප තබාගෙන සිටින්නෙමු. ඉන්දියාවේ සහයෝගය නොමැතිව ශ්‍රී ලංකාව තුල අපට කිසිවක් සිදුකිරීමට නොහැකිය. සත්‍යය එයයි.

බොහෝ රටවල රාජතාන්ත්‍රිකයින් හමුවී අපගේ ගැටළු ඉදිරිපත් කරන අවස්ථාවේදී, ඔවුන් ප්‍රථමයෙන් විමසන්නේ මේ සම්බන්ධයෙන් ඉන්දියාව ප්‍රකාශ කළේ කුමක්ද? යන පැනයයි. එබැවින්, ඉන්දියාවේ සහයෝගය ඇතුව අපට ඕනෑම දෙයක් සිදුකළ හැකිය. යුද්ධයෙන් පීඩාවට පත් අපගේ ජනතාව නැවත නැගිට ජීවත්වීමට ඉන්දියාව බොහෝ උපකාර සිදුකරමින් සිටියි. අපට ඕනෑම අවස්ථාවකදී, සහයෝගීව කටයුතු කරනු ඇත. අප කුමක් හෝ වරදක් සිදුකර තිබෙනවා නම්, අපගේ ජනතාව වෙනුවෙන් මා සමාව ඉල්ලා සිටින්නෙමි. ඒ.නඩරාජා මහතා අපගේ භූමියෙන් නික්ම යන අවස්ථාවේදී, මෙහි රැස්වී සිටින මුස්ලිම් ජනතාව සමරුපලකයක් ලබාදෙනු ඇතැයි යන්න විශ්වාස කරන්නෙමි. මෙවැනි පුද්ගලයින්ට සමරුපලකයක් ලබාදෙන අවස්ථාවේදී, සාමය පිළිබිඹු කරන සමරුපලක ලබාදිය යුතු මිසෙක, ඔබලා ලබාදෙන සමරුපලකය ප්‍රචණ්ඩත්වය අවුළුවාලන එකක් ලෙස සකස් නොවිය යුතුය” යනුවෙන් එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කර ඇත. 2018.03.04 වන දින පැවැති දිවා භෝජන සංග්‍රහ වැඩසටහනේදී, උතුරු පළාත් ප්‍රධාන ආමත්‍ය සී.වී.විග්නේෂ්වරන් විසින් ශ්‍රී ලංකාව සඳහා වන ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ඒ.නඩරාජා මහතා වෙත යාපනයේ ජනතාව වෙනුවෙන් සමරුපලකයක් ලෙස අසිපතක් ලබාදී තිබුණි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න