Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

2009 වර්ෂයේදී සිහිනයක් බවට පත්වූයෙමි

|Tue,07 March 2018 11.50|Political| Page Views : 12

අලුත් පුවත්
නිතිය හා සාමය ඉක්මනින් ඉස්ථාපිත කලයුතුය
මහනුවර දිස්ත්‍රික්කයට යළි ඇඳිරි නීතිය
රට තුල හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ගැසට් නිවේදනය
තිබිරිගොල්ලේ පුද්ගලයෙක් පිළිස්සී මිය යයි ..
හෙට සිට බොරැල්ල දෙසට අමතර මංතීරුවක් ..
උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා රියදුරන් උද්ඝෝෂණයක ..
අලුත්කඩේ අධිකරණය අසළ මිනිස් හිසක් ..
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

දෙමළ ජනතාවට වෙනම රටක් අවශ්‍ය බව සිතා පාසැල් පොත් බෑගය විසිකර, සන්නද්ධ සටනක් ආරම්භ කල අවස්ථාවේදී, එය 2009 වර්ෂයේ සිහිනයක් බවට පත්වූයෙමි” යනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝවින්දන් කරුණාගරන් ප්‍රකාශ කර ඇත.

මඩකලපුව දිස්ත්‍රික්කයේ කිරාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කෝරකල්ලිමඩු ප්‍රදේශයේ 2018.03.05 වන දින පැවැති වැඩසටහනකට සහභාගි වී කතා කල අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා, රජයේ නියෝජිතයෙකු ලෙස කටයුතු නොකර, දේශපාලන පක්‍ෂයක පළාත් සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරන බව අප අදහස් කරන්නෙමු.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් පවත්වන වැඩසටහන් හේතුවෙන්, මෙවැනි සැකයක් සියළුදෙනා මධ්‍යයේ මතුවී ඇත. මීට දින කිහිපයකට පෙර, අම්පාර අට්ටපල්ලම් ප්‍රදේශයේ පාරම්පරික සුසාන භූමියක් ලෙස දෙමළ ජනතාව භාවිතා කල ඉඩම, සහෝදර ජනවර්ගයට අයත් මහාචාර්යවරයෙකු විසින් ආක්‍රමණය කිරීමට උත්සාහ කලේය. එයට එරෙහිව සටන්කල එම ප්‍රදේශයේ කෝවිලේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් 23 දෙනෙකු අත් අඩංගුවට ගෙන සිරගත කර ඇත.

දීර්ඝ කාලයක සිට මෙහි ඇති සොහොන් කොත් මතින් වැටවල් ඉදිකර, එම ඉඩම ආක්‍රමණය කිරීමට උත්සාහ කර ඇත. අදාල ඉඩම, එම ප්‍රදේශයේ දෙමළ ජනතාව විසින් වසර 200කට වැඩි කාලයක සිට සුසාන භූමියක් ලෙස භාවිතා කරමින් සිටියි. නමුත්, සහෝදර ජනවර්ගයට අයත් එම මහාචාර්යවරයා, එම ඉඩම වසර 25කට ඉහතදී මිළදී ගත් බව ප්‍රකාශ කර ඇත. ඔහු ඉඩම මිළදීගැනීමට පෙර, සොහොන් කොත් එහි තිබී ඇත.

එම ඉඩම ඔහු මිළදි ගත්තේ එය නොදැකද? මෙවැනි පසුබිමකදී, අප අතර පවතින අසමගිය හේතුවෙන්, නැගෙනහිර පළාත සම්පූර්ණයෙන්ම අහිමිවන තත්වයකට ඉඩ ලබානොදිය යුතුය.

මෙරටේ වහලුන් ලෙස ජීවත්වීමට නොහැකි බව සිතාත්, දෙමළ ජනතාවට වෙනම රටක් අවශ්‍ය බව සිතාත්, පාසැල් පොත් බෑගය විසිකර දමා, 1980 වර්ෂයේ සන්නද්ධ සටනක් ආරම්භ කල අවස්ථාවේදී, එය 2009 වර්ෂයේදී සිහිනයක් බවට පත්වූයෙමු.

දෙමළ ඊළමක් වෙනුවෙන් සටන් කල අප ඒකාබද්ධ කල උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි වැඩි බලතල බෙදාහැරීමක් සහිත ෆෙඩරල් පාලන ක්‍රමයක් ඉල්ලා සිටින්නෙමු” යනුවෙන් ගෝවින්දන් කරුණාගරන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න