Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කොරියානු භාෂා විභාගය 19දා

|Tue,13 March 2018 08.33|Special| Page Views :

දකුණු කොරියාවේ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් විශාල පිරිසක් වෙනුවෙන් පැවැත්වෙන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය මාර්තු 19 වෙනිදා ආරම්භ කෙරේ.

මෙවර එම විභාගයට අයැදුම්කරුවන් 22,581 දෙනකු සුදුසුකම් ලබා ඇත. එම පිරිසෙන් 19,157 දෙනකු නිෂ්පාදන අංශය සඳහාත් 3,424 දෙනකු ඉදිකිරීම් අංශය සඳහාත් විභාගයට පෙනී සිටීමට නියමිතය.

එහිදී ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා මාර්තු 19 සිට මැයි 4 දින දක්වා විභාගය පැවැත්වෙන අතර නිෂ්පාදන ක්ෂේත්‍රය සඳහා මැයි 25 සිට ඔක්තෝබර් 5 දක්වා විභාගය පැවැත්වීමට නියමිතය.

මෙවර පරිගණක ආශ්‍රයෙන් පමණක් පැවැත්වෙන මෙම විභාගය අංක 205, දෙපානම, පන්නිපිටිය පිහිටි කොරියානු පරිගණක මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එක් එක් විභාග අපේක්ෂකයන් හට අදාළ විභාගය පැවැත්වෙන දිනය, වේලාව හා විභාග මධ්‍යස්ථානය www.slbfe.lk වබේ අඩවිය මගින් දැනගත හැක.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න