Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ස්ථාවර සංවර්ධනයට බාධාවක් වී ඇත

|Tue,13 March 2018 11.58|Political| Page Views :

පරිවර්තනය කලේ(ආදවන් වෙබ් අඩවිය)

රටේ දේශපාලන කැළඹිල්ල මූල්‍ය ස්ථාවර සංවර්ධනයට විශාල බාධාවක් ලෙස ඇති බව වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවසක්ති ආනන්දන් ප්‍රකාශ කර ඇත.

වව්නියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2018.03.12 වන දින පැවැති වව්නියාව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගි වී කතා කල අවස්ථාවේදි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“එක් දිනයකදී බොහෝ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම් පැවැත්වීම හේතුවෙන්, දෙපාර්තමේන්තු නායකයින් ඇතුළු මහජන නියෝජිතයින් දුෂ්කරතාවලට මුහුණදෙමින් සිටියි. එබැවින්, එම කරුණ සම්බන්ධයෙන් සමසභාපතිවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැස්වී තීරණයක් ගතයුතු අවශ්‍යතාවයක් ඇත.

එබැවින්, මේ සම්බන්ධයෙන් අප තීරණයක් ගන්නෙමු. ඒ අතරම, වව්නියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බහුතර ජන කොට්ඨාශයක් සහ විශාල භූමි ප්‍රමාණයක් ආවරණය කරන ලේකම් කාර්යාලයකි.

ඒ හේතුවෙන් එහි බොහෝ ගැටළු ඇත. නැවත පදිංචි කලයුතු පවුල්ද ඇත. පළාත් පාලන ආයතනවලට අයත් කිලෝමීටර් ගණනාවක් දුර මාර්ග ප්‍රතිසංස්කරණය කල යුතුව ඇත. ඒ අතරම, ප්‍රවාහන පහසුකම් ඇතුළු මෙම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් ප්‍රදේශවල ඇත.

මෙවැනි පසුබිමකදී, රජයේ ස්ථාවරය තුල ඉදිමින් රටේ ස්ථීර සංවර්ධනයක් ඇතිකිරීමට හැකිය. නමුත්, වත්මන් රජය බලයට පත්වීමෙන් පසු, අයවැය යෝජනා 03ක් ඉදිරිපත් කර ඇත. එම අවස්ථාවලදී අපගේ ප්‍රදේශවල සහ පළාතේ අවශ්‍යතා ඉදිරිපත් කර ඇත්තෙමු. නමුත්, ඒ සඳහා අපට ප්‍රමාණවත් මුදල් ලැබී නොමැත. එබැවින්, ස්ථීර සංවර්ධනයක් සිදුකිරීමට මධ්‍යම රජයේ ස්ථීර පාලනයක් අවශ්‍යව ඇත.

මෙවැනි පසුබිමකදී, පළාත් පාලන මැතිවරණයෙන් පසු ජාතික වශයෙන්, ආගමික වශයෙන් මෙරටේ මතභේදකාරි තත්වයන් මතුවී ඇත. ආණ්ඩුව තුල ඇති මතභේදකාරි තත්වය මත සංවර්දන කටයුතු සිදුකිරීම, මහජන නියෝජිතයින් සහ දෙපාර්තමේන්තු නිලධාරින්ට අභියෝගයක් වී ඇත. බොහෝ සංවර්ධන කටයුතු සිදුනොකිරීම හේතුවෙන්, මහජන නියෝජිතයින්ට ඇතැම් ග්‍රාමයන්වලට යාමට නොහැකි තත්වයක් උද්ගතවී ඇත.

මෙවැනි පසුබිමකදී, ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම් පවත්වමින් සිටියි. වර්තමානයේදී මෙරටේ දේශපාලන කැළඹීම් මූල්‍ය ස්ථාව සංවර්ධනයට විශාල බාධාවක් ලෙස ඇත” යනුවෙන් ශිවසක්ති ආනන්දන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න