Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බලය පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්චාවක්

|Tue,13 March 2018 12.08|Political| Page Views :

පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

කාරෙයිතීව් පළාත් පාලන ආයතනයේ පාලන බලය පිහිටුවීම සම්බන්ධයෙන් ප්‍රථම අදියර ලෙස දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සහ ස්වෙච්ඡා කණ්ඩායමේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් මඩකලපුවේ ඉලංගෙයි තමිලරසු පක්‍ෂ කාර්යාලයේදී 2018.03.11 වන දින පවත්වා ඇත.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් ඉලංගෙයි තමිලරසු පක්‍ෂයේ ලේකම් කේ.තුරෙයිරාජසිංගම්, කාරෙයිතිව් පළාත් පාලන ආයතනයේ නියෝජිතයින් සහ ස්වෙච්ඡා කණ්ඩායමේ නායකයින් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත.

කාරෙයිතීව් පළාත් පාලන ආයතනයේ නිසියාකාරව බලය පිහිටුවීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අදහස් හුවමාරු කරගෙන ඇති අතර, ඉදිරියේදී තවත් සාකච්ඡාවක් පැවැත්වීමට ඔවුන් එකඟවී ඇත.

කාරෙයිතීව් පළාත් පාලන ආයතනයට නියෝජිතයින් 11 දෙනෙකු තේරීපත්වී ඇති අතර, බෝනස් ආසනය සමග නියෝජිතයින් 12 දෙනෙකු සිටියි. එහි පාලන බලය පිහිටුවීමට නියෝජිතයින් 07 දෙනෙකු සහිත බහුතරයක් අවශ්‍යවනු ඇත.

පැවැති පළාත් පාලන මැතිවරණයේදී එම පළාත් පාලන ආයතනයට තරග කල දෙමළ ජාතික සන්ධානය මන්ත්‍රීවරු 04 දෙනෙකු ජයග්‍රහණය කර ඇති බව සඳහන් කල යුතුය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න