Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගුරුවරු 5473 කට ස්ථාන මාරු

|Tue,13 March 2018 12.28|Special| Page Views : 13

අලුත් පුවත්
පිළියන්දල පොලිතීන් කර්මාන්ත ශාලා 5ක් වටලයි
මිනින්දෝරු නිලධාරීන් වර්ජනයකට සැරසෙයි
දුම්වැටි තොගයක් කටුනායකදී අත්අඩංගුවට
බලය පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්චාවක්
ස්ථාවර සංවර්ධනයට බාධාවක් වී ඇත
ඌව වෙල්ලස්ස සරසවිය වසයි
මන්ත්‍රීවරු දිවුරුම්දීමට නියමිතය
 
වසර 10 කට වඩා වැඩි කාලයක් එකම පාසලක සේවය කළ 6 -11 ශ්‍රේණිවල ගුරුවරුන් 5473 දෙනෙකුට මෙම මාස අගදී වෙනත් පාසල් ස‍ඳහා ස්ථාන මාරුවීම් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

අදියර 3 ක් යටතේ මෙම ජාතික පාසල් ගුරුමාරු වැඩසටහන ක්‍රියාවට නැංවුනු අතර එහි මුල් අදියර පසුගිය වසරේ අග භාගයේ දී ක්‍රියාත්මක විය.

එහිදී උසස් පෙළ ගුරුවරුන් 2590 දෙනෙකු වෙනත් ජාතික පාසල්වලට මාරු කෙරිණි.

දෙවන අදියර මේ වසර ආරම්භයේ දී ක්‍රියාවට නැංවුනු අතර එහිදී 1 – 5 ශ්‍රේණි අතර අධ්‍යයන කටයුතු සිදු කරන එකම ජාතික පාසලක වසර 10 කට වැඩි සේවා කාලයක් සපුරන ලද ගුරුවරුන් 1441 ක් අතරින් 760 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

නමුත් මෙහිදී 2017 වසරේ 1 සහ 3 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතුවල නිරත වූ ගුරුවරුන් සඳහා එම මාරුවීම් ක්‍රියාත්මක වූයේ නැත.

ඊට හේතු වූයේ 1 සහ 2 වසරත්, 3 සහ 4 වසරත් වෙන් වෙන්ව අවධි වශයෙන් ඉගැන්වීම් සිදු කිරීමට ගෙන ඇති තීරණයයි. ඊට බාධා මතු නොවන පරිදි අදාළ මාරුවීම් මෙම වසරේ අගදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

අදාළ ගුරුමාරු වැඩසටහ‍නේ තෙවන අදියර යටතේ මෙම මස අගදී 6 – 11 ශ්‍රේණි අතර ගුරුවරුන් ස‍ඳහා වන ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමට නියමිත බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න