Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බැරල් සංඛ පෑලියගොඩ දී අත්අඩංගුවට

|Tue,13 March 2018 13.20|Special| Page Views :

අපරාධ රැසකට සම්බන්ධ පාතාල කල්ලි සාමාජිකයෙකු පෑලියගොඩ මිරිස්වත්ත මාර්ගයේ දී මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

හෙරොයින් ජාවාරම, කප්පම්ගැනීම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ මොහු හඳුන්වා ඇත්තේ බැරල් සංඛ යන අන්වර්ථ නාමයෙන්.

විශේෂ කාර්ය බලකායේ වෙඩි ප්‍රහාරයෙන් මියගිය පාතාල සමාජිකයෙකු වූ දඩල්ලගේ මංජු නමැත්තාට මීට පෙර පෑලියගොඩ ප්‍රදේශයේ දී වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බැරල් සංඛ අත්ඩංගුවට ගෙන තිබුණා.

කෙසේ වෙතත්, ඔහු ඇප මත නිදහස්ව සිටි බවයි වාර්තා වුණේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න