Welcome Ikman.news
 

 

[Login]

   
 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලංකාවට සහය දෙන්න අකිහිතෝ සූදානම්

|Tue,13 March 2018 13.58|Miscellaneous| Page Views : 30

අලුත් පුවත්
FB කියන්නේ අපේ ජීවිතේ වගේ, හරි අසාධාරණ වැඩක් – ෆේස්බුක් තහනම නිසා කොල්ලෝ කෙල්ලෝ පිස්සු වැටෙයි – වීඩියෝ
බැරල් සංඛ පෑලියගොඩ දී අත්අඩංගුවට
මිස්ටර් බීන් සමුගනියි
සුප්‍රකට ප්‍රංශ විලාසිතා නිර්මාණ ශිල්පී හියුබට් ඩි ගිවෙන්චි දිවියෙන් සමුගනී
සිරියාවේ යුද ගැටුම් මැද පන්ලක්ෂයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
ගුරුවරු 5473 කට ස්ථාන මාරු
පිළියන්දල පොලිතීන් කර්මාන්ත ශාලා 5ක් වටලයි
 
ජපාන - ශ‍්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජපාන අකිහිතෝ අධිරාජයා අතර හමුව අද (13 දා) පෙරවරුවේ සිදුවිය.

ටෝකියෝ නුවර පිහිටි ඉම්පීරියල් මන්දිරය වෙත ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ජයන්ති සිරිසේන මැතිණිය අකිහිතෝ අධිරාජයා සහ මිචිකෝ රැජිණ විසින් ඉතා උණුසුම් හා සුහදශීලි ලෙස පිළිගනු ලැබීය.අනතුරුව නායක දෙපළ සුහද කතා බහක නිරත විය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ පැමිණීම පිළිබඳව සිය සතුට පළ කළ ජපාන අධිරාජයා දෙරට අතර අතීතයේ සිට පවතින ශක්තිමත් සබඳතා මෙම සංචාරය තුළින් තවදුරටත් තහවුරු වනු ඇති බව කියා සිටියේය.

එහිදී ජපානයේ රාජ්‍ය සංචාරයක් සඳහා කළ ආරාධනයට සිය ස්තූතිය පළකළ ජනාධිපතිතුමා දෙරට අතර සබඳතා සෑම අතින්ම ශක්තිමත් කර ගැනීම තම අපේක්ෂාව බව සඳහන් කළේය.

1981 වසරේදී පමණ තමා ශ‍්‍රී ලංකාවේ සිදුකළ සංචාරය සිහිපත් කළ ජපාන අධිරාජයා එම සංචාරයේදී මහනුවර ඓතිහාසික දළදා මන්දිරය වැඳ පුදා ගැනීමට තමාට අවස්ථාව ලැබුණු බව පැවසීය.එමෙන්ම එම සංචාරයේදී ශී‍්‍ර ලාංකික ජනතාවගෙන් ලැබුණු ඉහළ පිළිගැනීම ද ජපන් අධිරාජයා ගෞරවයෙන් සිහිපත් කළේය.

ජපානය ස්වභාවික ආපදාවන්ට මුහුණ දුන් අවස්ථාවලදී ශ‍්‍රී ලංකාව සැබෑ මිත‍්‍රයෙක් ලෙස හැකි පමණින් ජපානයට දැක්වූ සහය කෘතවේදීව සිහිපත් කළ ජපාන අධිරාජයා ශ‍්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක සහය ලබාදීමට සූදානම් බව ද ප‍්‍රකාශ කළේය.

මෙම හමුවෙන් අනතුරුව ඉම්පීරියල් මන්දිරයේ අසිරිය නැරඹීමට ද ජනාධිපතිතුමා සහ අකිහිතෝ අධිරාජයා එක්විය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න