Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අපරාධ අධිකරණයකට භාජනය කිරීමට නොහැකිය

|Thu,15 March 2018 12.42|Political| Page Views :

පරිවර්තනය කලේ(ආදවන් වෙබ් අඩවිය)

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර අපරාධ අධිකරණයට භාජනය කිරීමට නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කර ඇත.

යාපනය ඉලංකලෙංඥර් ශාලාවේදී 2018.03.14 වන දින පැවැති පුදිය සුදන්දිරන් පුවත්පත එළිදැක්වීමේ වැඩසටහනට සහභාගි වී කතා කල අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය කිසිඳු අවස්ථාවක ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර අපරාධ අධිකරණයකට භාජනය නොකරනු ඇත. විට්‍රෝ බලය ඇති ඕනෑම රටක් එය සිදුකිරීමට ඉදිරිපත් නොවනු ඇත.

මෙම කටයුතු මුලික වී සිදුකරන ඇමරිකාව පවා, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සහයෝගය නොපතනු ඇත. එයට හේතුව, ඇමරිකාව මේ දක්වා ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිළිනොගැනීමයි. මෙය කිසිඳු අවස්ථාවක සිදුකිරීමට නොහැකි බව තේරුම් ගෙනත්, අප අතර සිටින ඇතැම් පුද්ගලයින් අසත්‍ය ප්‍රචාර සිදුකර, ජනතාව වැරදි මාර්ගයක ගෙනයාමට උත්සාහ කරමින් සිටියි.

එබැවින්, ජාත්‍යන්තරය තුල අප සඳහා වන සහයෝගය තබාගත යුත්තේ කුමක් සඳහාද? යන්න සම්බන්ධයෙන් පැහැදිලිව සිටිය යුතුය. එබැවින්, අප සිදුකරන්නේ කුමක්ද? එය සිදුකරන්නේ කුමටද? යන්න පැහැදිලි කිරීම සඳහා අද අප මෙම පුදිය සුදන්දිරන් පුවත්පත එළිදක්වන්නෙමු” යනුවෙන් එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න