Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සබැවුනු සිහිනය

|Fri,16 March 2018 13.05|Miscellaneous| Page Views : 61

අලුත් පුවත්
සබිකයන්ගේ නම් ගැසට් කෙරේ
නැවත ආරම්භ කළ යුතුය
දිවුරුම්දීමේ කටයුතු කල්දමා ඇත
නිදහස් කුසලානයේ තීරණාත්මක දවස අදයි
විවිධාකාර විවාහ මංගල උත්සව අතරේ රජ කාලේ විදිහට කරපු අපූරු විවාහ මංගල උත්සවය (PHOTOS)
ඇමෙරිකාවේ මයාමිහි පදික පාලමක් කඩා වැටීමෙන් හතර දෙනෙකු ජීවිතක්ෂයට
ගම්පහදී ජපාන සංස්කෘතික උත්සවයක්
සිරියාවේ ගූටාහි යුද ගැටුම් හේතුවෙන් දොළොස් දහසකට අධික පිරිසක් පළායයි
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

රටින් පිටුවහල් කිරීම සඳහා ගුවන්යානයට ඇතුල්කළ දෙමළ පවුලක් නැවතත් එම ගුවන් යානයෙන් බස්සවා ඇති බව ඕස්ට්‍රේලියානු මාධ්‍යයක පුවතක් පලකර ඇත. ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම සඳහා ගුවන් යානයට ඇතුළු කළ පුද්ගලයින් සිව් දෙනෙකුගෙන් සමන්විත දෙමළ පවුලක් අවසන් මොහොතේදී, එම ගුවන් තොටුපලේදීම බස්සවා ඇත.

තම වීසා කාලය අවසන් වී ඇති අවස්ථාවකදී, නඩේෂලිංගම්, ඔහුගේ බිරිඳ ප්‍රියා, දියණියන් වන ගෝපිකා සහ තරුණිකා යනාදීන් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරී‍මට එරට බලධාරීන් කටයුතු කර තිබුණි.

ඔවුන් සිව්දෙනා එරටින් පිටුවහල් කිරීම සඳහා ආගමන විගමන රැඳවුම් කඳවුරේ රඳවා සිටින ලදි. ඔවුන්ව රටින් පිටුවහල් කිරීම වළක්වන මෙන් ඉල්ලා සිටිමින් ඕස්ට්‍රේලියාවේ උද්ඝෝෂණ පැවැත්වූ අතර නීතිමය ක්‍රියාමාර්ගද ගන්නා ලදි.

මෙවැනි පසුබිමකදී, 2018.03.14 වන දින රාත්‍රී ඔවුන් සිව්දෙනා එරටින් පිටුවහල් කිරීම සඳහා පර්ත් ගුවන් තොටුපල වෙත කැටුව ගොස් තවත් ලාංකිකයින් පිරිසක් සමඟ විශේෂ ගුවන් යානයකට පටවා ඇත.

ඉන් ටික වේලාවකින් පසු, ඕස්ට්‍රේලියානු බලධාරීන් ඔවුන්ව ගුවන් යානයෙන් බස්සවා ඇත. අවසන් මොහොතේදී ගත් නීතිමය ක්‍රියාමාර්ග හේතුවෙන් ඔවුන්ව එරටින් පිටුවහල් කිරීම නතර කළ බව එරට මාධ්‍යයන්වල පුවත් පලකර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න