Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මතුගම බස් නැවතුම්පොලේ බස් වර්ජනයක්

|Mon,19 March 2018 10.59|Miscellaneous| Page Views :

කළුතර, මතුගම නගරයේ සිට ආරම්භ වන පෞද්ගලික බස් රථ කිසිදු පෙර දැනුම්දීමකින් තොරව බස් රථ වර්ජනයක අද (19) උදෑසන සිට යෙදී සිටින බව රජයේ නිලපුවත් වෙබ් අඩවියට වාර්තා වෙයි. මතුගම නගරයේ බස් නැවතුම්පොලේ සිට ආරම්භ වන වායු සමනය කළ බස් රථ හා අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථ මෙලෙස වර්ජනයට එක්ව ඇතැයි වාර්තා වෙයි. පෙරේදා බස් රථ කොන්දොස්තරවරයකුට පහරදීමේ සිද්ධියක් මෙයට හේතුවී ඇති බවත් මේ වනවිට බස් වර්ජනයක් පවතින බවත් මතුගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සේනාරත්න මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කළ විමසුමකදී සඳහන් කර සිටියේ ය. සඳුඳා දින කාර්යාල සේවය යන සහ තම අවශ්‍යතා සඳහා ප්‍රවාහන පහසුකම් ලබාගන්නා මඟී ජනතාව මෙන් ම දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතා කරන බස් රථ මඟින් බලවත් අපහසුතාවයට පත්ව ඇති අතර මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කර ලෙස මතුගම නගරයේ රැදී සිටින මඟී ජනතාව පවසයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න