Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දුඹුරු එළදෙනක සොරාගෙන ඩයිදමා කළු කරලා.. වැස්සියි, සැකකරුයි දෙන්නම අත්අඩංගුවට !

|Tue,20 March 2018 10.55|Gossip| Page Views : 18

අලුත් පුවත්
ගුරු පත්වීම් ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්
දෙමටගොඩ නිවාස පෙලක් ගිනි ගනියි
ලෝක මුඛ සෞඛ්‍ය දින සැමරීමේ ජාතික උත්සවය අදයි
අනතුරට පත් සැප රියේ හිමිකරු අත්අඩංගුවට
දියණිය කුකුල් කූඩුවේ දමා මව මඟුල් ගෙදර ගිහින්
පුංචි මන්ත්‍රීන්ගේ ධුර කාලය අද සිට
අල්ලස් කොමිසමට සුපිරි නිලධාරීන් 50ක්
සාකච්ඡා අසාර්ථකයි-අනධ්‍යයන සේවකයින් නැවත වර්ජනයේ
 
රුපියල් හැට දහසක් පමණ වටිනා එළ වැස්සියක සොරා ගෙන ගොස් කොණ්ඩයේ ආලේප කරන කළු පැහැති ඩයි වර්ගයක් ආලේප කොට නිවෙසක පිටුපස බැඳ තබා සිටියදී එළ වැස්සිය හා නිවෙස් හිමියා සැකපිට අත් අඩංගුවට ගත් බව ගිරිබාව පොලීසිය කීය.

ගිරිබාව, පහළ ගිරිබාව කුඹුරු යායේ බැඳ සිටි වයස අවුරුදු එකයි මාස දෙකක් පමණ වූ එළවැස්සිය සොරාගෙන ගොස් ඇති බවට පහළගිරිබාව පදිංචි සුනිල් චාමර නමැති අය කළ පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු සිදු කළ පොලීසියට මේ ගව සොරකම අනාවරණය කර ගැනීමට හැකි තිබේ.

පැමිණිලිකරුගේ එළවැස්සියට සමාන එළ වැස්සියක ඉහළවැව, වරාවැව ප්‍රදේශයේ නිවසක පිටුපස සිටින බවද, එහෙත් තමාට අයත් එළ වැස්සිය ගුරු පැහැති එකියක බවත් යට නිවසේ පිටුපස සිටින වැස්සිය කළු පැහැති බවත් පැමිණිලිකරු පොලීසියට ප්‍රකාශ කොට තිබේ. පැමිණිලිකරුත් සමඟ පොලීසිය මෙම නිවසට ගොස් එළවැස්සිය පරික්ෂාකරන විට ඒ වැස්සිය පැමිණිලිකරුගේ පාද ලෙව කෑමට පටන්ගත් බවද පොලීසිය කීය.

එළ වැස්සිය තව දුරටත් පරීක්ෂා කිරිමේදී ඇගේ ශරීරයේ කළු පැහැති ඩයි වර්ගය තවරා තිබෙන බවද, වැස්සියගේ බඩ ප්‍රදේශයේ තැන් තැන්වල ඩයි තවරා නොතිබූ බවද පොලීසිය කීය. මේ නිවෙස පිටුපස තව එළදෙනෙනුන් දෙදෙනෙකු සිටි බවත්, ඒ සතුන්ද මෙසේ සොරාගෙන පැමිණ ගස් බැද තබන්නට ඇතැයි සැකටත් ඒ දෙනුන් දෙදෙනාද නිවෙස්හිමිකරු ද අත් අඩංගුවට ගත් බවත් පොලීසිය කීය.

සැකකරු විවාහකයෙකු බවත් මෙවැනි අපරාධවලට සම්බන්ධව අධිකරණයෙන් දඩුවම් විඳි අයකු බවත් පොලීසිය කීය. නිකවැරටිය පොලිස් අධිකාරී සංජීව බන්ඩාර ගල්ගමුව සහකාර පොලිස් අධිකාරී දර්ශන ගාල්ලගේ යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය මත ගිරිබාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක පුෂ්ප කුමාර මහතාගේ උපදෙස් මත වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රත්නායක මහතා ඇතුළු පිරිසක් පරීක්‍ෂණ සිදු කරති. සැකකරු ඊයේ (19) ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න