Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ෆේස්බුක් දරුණු බිද වැටීමකට ලක් වෙයි

|Tue,20 March 2018 11.11 |Political| Page Views : 122

අලුත් පුවත්
දුඹුරු එළදෙනක සොරාගෙන ඩයිදමා කළු කරලා.. වැස්සියි, සැකකරුයි දෙන්නම අත්අඩංගුවට !
ගුරු පත්වීම් ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්
දෙමටගොඩ නිවාස පෙලක් ගිනි ගනියි
ලෝක මුඛ සෞඛ්‍ය දින සැමරීමේ ජාතික උත්සවය අදයි
අනතුරට පත් සැප රියේ හිමිකරු අත්අඩංගුවට
දියණිය කුකුල් කූඩුවේ දමා මව මඟුල් ගෙදර ගිහින්
පුංචි මන්ත්‍රීන්ගේ ධුර කාලය අද සිට
අල්ලස් කොමිසමට සුපිරි නිලධාරීන් 50ක්
 
ලොව ප්‍රසිද්ධ සමාජ ජාල වෙබ් අඩවියක් වන ෆේස්බුක් සමාගමේ කොටස් වෙළද පොල වටිනාකම කඩා වැටිමකට ලක්ව තිබේ. වසර 04 කට පසුව එම සමාගම ලැබු දරුණුතම කඩා වැටීම මෙය වන අතර එම සමාගමේ කොටස් අගය 7%කින් පහත වැටී තිබේ. එම කඩාවැටීමත් සමග ෆේස්බුක් හිමිකරු වන මාර්ක් සකර්බර්ග් හට සිදුවු පාඩුව ඇමෙරිකානු ඩොලර් බිලියන 05ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.

කොටස් වෙළඳ පොළේ කඩා වැටිමත් සමග මාර්ක් සකර්බර්ගේ වත්මන් ශුද්ධ වත්කම ඩොලර් බිලියන් 69.5ක් දක්වා පහත වැටුනු බව සුප්‍රසිද්ධ ෆොබ්ස් සමාගම සදහන් කරයි.

ඇමෙරිකානු ජනාධිපතිවරණයේදි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු භාරව සිටි “Cambridge Analytics” ආයතනය විසින් නීති විරෝධි අයුරින් ෆේස්බුක් ගිණුම් මිලියන 50 ක දත්ත පරීශිලනය කළ බවට පසුගියදා වාර්තා විමත් සමග ෆේස්බුක් සමාගම දැඩි අර්බුධකාරි තත්වයකට මුහුණ පෑමට සිදුවිය.

මෙලෙස ගිණුම් හිමියන්ගේ තොරතුරු නීති විරෝධි අයුරින් පරිශීලනය කිරිම සම්බන්ධයෙන් වන චෝදනාව සම්බන්ධයෙන් මාර්ක් සකර්බර්ග් හට අමෙරිකාවේ සෙනට් සභාව ඉදිරියේ කරුණු දැක්විමට පවා සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න