Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිසැල් සොයා අඛණ්ඩ වැටලීම්

|Tue,20 March 2018 12.25|Miscellaneous| Page Views : 17

අලුත් පුවත්
ගෑස් කාන්දුවකින් 50ක් රෝහලේ
ලොව අනෙකුත් රාජ්‍යයන් සමග සාකච්ඡා ඇරඹිමට සුදානම් බව පුටීන් පවසයි
ජංගම දුරකථන භාවිතය ප්‍රවේසමෙන් – දුරකථනය එක්වරම පුපුරා යාමෙන් තරුණියක් මෙලොව හැරයයි

තෙවැනි ඇසක් ඇති පොලිස් යතුරු පැදි ඒකකයක්
ෆේස්බුක් දරුණු බිද වැටීමකට ලක් වෙයි
දුඹුරු එළදෙනක සොරාගෙන ඩයිදමා කළු කරලා.. වැස්සියි, සැකකරුයි දෙන්නම අත්අඩංගුවට !
ගුරු පත්වීම් ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්
 
පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳසල් සොයා අඛණ්ඩව වැටලීම් සිදුකෙරෙනවා. උත්සව සමයේ දී පාරිභෝගික ජනතාව නොමඟ යැවීමට ඇතැම් වෙළෙඳුන් උත්සාහ දරණ බවයි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් පෙන්වා දෙන්නේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කය පුරා වෙළෙඳසල් පරීක්‍ෂා කිරීමේ වැටලීම් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරුණා. දිඹුලාගල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පිහිටි සියලු ආපන ශාලා, හෝටල්, වෙළෙඳසල් ඇතුළු ආහාරපාන අලෙවි කරන ස්ථාන 116 ක් පරීක්‍ෂා කෙරුණා. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසිදෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊට එක්ව සිටියා.

මෙම වැටලීම්වල දී වෙළෙඳ ආයතන හිමියන් 16 දෙනෙකුට නඩු පවරා තිබෙනවා. තවත් ස්ථාන කිහිපයකට දින 7 ක් තුළ සකස් කරගත යුතු කරුණු පිළිබඳ උපදෙස් ලබාදුන්නා. කල්ඉකුත් වූ ආහාර අලෙවි කිරීම, අපිරිසිදු ලෙස මුළුතැන්ගෙය පවත්වාගෙන යාම, මස් සහ අයිස් ක්‍රීම් එකම ශීතකරණයක ගබඩා කිරීම යන චෝදනා යටතේ නඩු පැවරීම් සිදුකළ බවයි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ප්‍රකාශ කළේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න