Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

භාෂාව අනිවාර්ය කල යුතුයි !

|Tue,20 March 2018 12.33|Political| Page Views :

පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“එක්සත් ශ්‍රී ලංකාවක් තුල සියළු ජනවර්ග තම තමන්ගේ සංකේත සමඟ සමානාත්මතාවයෙන් සහ නිදහසේ කටයුතු කිරීමට අවශ්‍යනම්, සබැඳි භාෂාව අනිවාර්ය කල යුතුය” යනුවෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් ප්‍රකාශ කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් 2018.03.19 වන දින පැවති යාපනයේ පත්‍රිසියාර් විද්‍යාලයේ විද්‍යාගාරය විවෘත කිරීමේ වැඩසටහනට සහභාගි වී කතා කළ අවස්ථාවේදී ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

“සබැඳි භාෂාව අනිවාර්ය කිරීම තුලින් විවිද භාෂා කතාකරන ජනවර්ග අතර අවබෝධය දියුණු කිරීමට මාර්ගය සකස්වනු ඇත. එබැවින්, එය ක්‍රියාවට නැංවීමට දේශපාලඥයින්, ජ්‍යෙෂ්ඨ නායකයින් සහ විද්වතුන් ඒකාබද්ධවී හිතට එකඟව කටයුතුකල යුතුය.

මව් භාෂාව ඉගෙන ගැනීමේ ක්‍රමය විශිෂ්ඨය. නමුත්, සිසු සිසුවියන් අතරමැදි මට්ටමේ සිට උසස් අධ්‍යාපනය හැදෑරීමට යන විටදී, ඉංග්‍රිසි අධ්‍යාපනයේ අත්‍යවශ්‍යතාවය තේරුම්ගැනීමට හැකිවනු ඇත.

අධ්‍යාපන දැනුමෙන් ඉතාමත් දියුණු බොහෝ පුද්ගලයින් ඉංග්‍රීසි භාෂා හැකියාව නොමැතිවීම හේතුවෙන්, තම දක්‍ෂතා පෙන්වීමට නොහැකිව දුෂ්කරතාවයට පත්වී සිටින බව දකින විටදී, වේදනාවට පත්වෙන්නෙමි” යනුවෙන් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් ප්‍රකාශ කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න