Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගුණාත්මක ඖෂධ ලබාගැනීමේ හැකියාව වැඩි කිරීමේ සමුළුව හෙට

|wed, 21 March 2018 09:20|Miscellaneous| Page Views : 18

අලුත් පුවත්
තහනම් පොලිතීන් නිෂ්පාදනය කරන අයට වැඩ වරදියි
කතරගම දී පොලිස් කොස්තාපල්වරයෙකු වෙඩි කයි
ජිනීවා සැසිවාරයට අද දින ලංකාව ගැන විශේෂ වාර්තාවක්
ජාතිවාදයෙන් ජාතික වාදයක් කරා බුද්ධිමත්ව හා අවංකව ක්‍රියා කරමු
කැස්බෑ පැටව්න් 500 ක් මුහුදට මුදාහැරේ
NEWS US raises concerns over alleged abuses in Sri Lanka
පැණිදොඩම් ගොවීන් දැඩි දුෂ්කරතාවට
ඊයේ කොළඹදී වෙඩි කෑවේ කවුද? තොරතුරු එළියට!
 
දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල රෝගීන්ගේ ගුණාත්මක ඖෂධ ලබාගැනීමේ හැකියාව වැඩි කිරීම සඳහා වූ ජාත්‍යන්තර සමුලුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ.

ඒ අනුව මාර්තු හෙට(22) පෙරවරු 9.00 ට එම සමුලුව කොල්ලුපිටිය මූන්පික් හෝටලයේ දී ආරම්භ වන අතර එය තෙදිනක් පුරා පැවැත්වෙයි.

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය , භූතානය, ඉන්දියාව, ඉන්දුනිසීයාව, මාලදිවයින, මියෙන්මාරය, නේපාලය, තායිලන්තය, ටිමෝරය, යන රටවල් නියෝජනය කරමින් සෞඛ්‍ය බලධාරීන් 70 ක් මෙම සමුලුවට සහභාගිවීමට නියමිතය.

මෙම සමුලුවේ දී ගුණාත්මක ඖෂධ, ඖෂධ නියාමනය, තත්ත්ව පාලනය සහ රටවල ඉදිරි වසර 02 ක සැළසුම් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

මෙහි ප්‍රථම සමුලුව පසුගිය වසරේ දී ඉන්දියාවේ දී පැවැත්විනි. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල අඩු කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් සිදුකළ සේවාව ලෝක සෞඛ්‍ය සංවිධානය ද අගය කර ඇත.

මෙම සමුලුවේ දී ශ්‍රි ලංකාවේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න