Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පරිභෝජනයට නුසුදුසු ආහාර සොයා වැටලීම් අරඹයි

|Wed, 21 March 2018 12:10|Miscellaneous| Page Views : 20

අලුත් පුවත්
අනතුරකින් මවක් සහ දියණියක් අවසන් ගමන් යයි
ටැමඩෝල් තොගයක් සමඟ 1ක් පොලිස් දැලේ
Samsung unveils Galaxy S9 and S9+ in Sri Lanka
Mobitel selects IBM to enhance enterprise mobile security in Sri Lank
ගෑස් කාන්දු වූ ජාඇල කම්හල දින 14ක් වසයි
ඝාතන කිහිපයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
ගුණාත්මක ඖෂධ ලබාගැනීමේ හැකියාව වැඩි කිරීමේ සමුළුව හෙට
තහනම් පොලිතීන් නිෂ්පාදනය කරන අයට වැඩ වරදියි
 
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැල්ලවාය නගරය සහ ආශ්‍රිත ප්‍රදේශයේ දී ඉදිරි උත්සව සමය වෙනුවෙන් අපිරිසිදු ආහාර ගබඩා කර ඇති ස්ථාන සොයා සහ පරිභෝජනයට නොසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන සොයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද(21) උදෑසන සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළ ඇති බව අප වාර්තාකරු පවසයි.

මෙම වැටලීමේදී සිල්ලර වෙලඳසැල්, තොග ගබඩා වෙලඳසැල්, හෝටල් සහ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන අනෙකුත් ස්ථාන රැසක් පරික්ෂාවට ලක්කර තිබේ.

එහිදී පරිභෝජනයට නොසුදුසු ආහාර අලෙවි කළ වෙලදසැල් රැසක් සොයා ගෙන ඇත.

මෙහිදී වෙලඳසැල් සීයකට ආසන්න ප්‍රමාණයක් පරික්ෂා කර ඇති අතර එහිදී අපිරිසිදු වෙලඳසැල් රැසකටම නඩු පවරා ඇති බව අප වාර්තාකරු පවසයි.

වෙලදසැල් රැසකට දැඩි ලෙස අවවාද කර ඇති අතර ඉදිරි උත්සව සමය වෙනුවෙන් මෙම මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බව වැටලීමට සහභාගී වූ නිලධාරීන් පැවසීය.

මෙම මෙහෙයුම සඳහා මොනරාගල දිස්ත්‍රික්කයේ සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහභාගි වී තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න