Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පානීය ජල බවුසර් ලබාදිමට රුපියල් මිලියන 235ක්

|Thu,22 March 2018 11.36|Security| Page Views : 102

අලුත් පුවත්
විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද
මහනුවර සාමය රකින්න යුද හමුදා භට පිරිස් තව දුරටත් මුර සේවයේ
සරසවි විධායක නිලධාරිනුත් වර්ජනයක
බත්තරමුල්ලට විදුලිය විසන්ධි වෙයි
පොලිස් කොමිසමට අද නව ලේකම්වරයෙක්
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
ලෝක ජල දින සැමරුම අදයි
 
නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය ලංකාවේ විවිධ ප්‍රදේශවලට පානීය ජල බවුසර් ලබාදිමට රුපියල් මිලියන 235 ක මුදලක් වෙන්කර ඇත.

ශ්‍රී ලංකාවේ සැමටම පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණෙන් ක්‍රියාකරණ නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශය, නියඟයෙන් පීඩාවිඳින, පානීය ජලයට මුහුදු වතුර මුසුවන සහ නලමාර්ගයෙන් ජලය ලබා ගැනීමට අපහසුවන ප්‍රදේශවලට ජල බවුසර් ලබාදීමට කටයුතු කරයි.

මෙම ජල බවුසර් අදාල ප්‍රදේශවල ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සහයෝගිතා සේවා මධ්‍යස්ථානයන් වෙත ලබාදුන් අතර අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ උපදෙස් පරිදි නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය ලංකාවේ විවිධ ප්‍රදේශවලට පානීය ජල බවුසර් ලබාදිමට රුපියල් මිලියන 235 ක මුදලක් වෙන්කර ඇත.

දැනටමත් කුරුණෑගල, පුත්තලම, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, බදුල්ල, හම්බන්තොට, පොලොන්නරුව, ගාල්ල සහ කොළඹ යන දිස්ත්‍රික්ක සඳහා පානීය ජල බවුසර් ලබාදී ඇත. මීට අමතරව තවත් ජල බවුසර් 09 ක් ඊළග මාස කීපයක්තුල ලබාදීමට අමාත්‍යාංශය කටයුතු සම්පාදනය කෙරේ.

මෙවර ලෝක ජල දිනයට සමගාමීව මාතර, මොණරාගල දිස්ත්‍රික්කවලට සහ නැගෙනහිර පළාතට ජල බවුසර් බෙදාදීමේ අවස්ථාවක් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි.

එම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ඩී.ජී.එම්.වී. හපුආරච්චි, අතිරේක ලේකම් වරුවන්ව න ඒ.ඩී.එම්. නෆීල්, ඩබ්.එම්.ආර්.පී. විරසිංහ, ඇමතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් රහුමත් මන්සූර් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ දකුණු පළාත් නියෝජ්‍ය කළමණාකරු ජේ.කේ.එස්. පතිරණ සහ නගර සැලසුම් අධ්‍යක්ෂ එම්.ජේ. හේරත් යන මහත්වරුන් ද සහභාගි විය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න