Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පූර්ණ වගකීම පළාත් පාලන ආයතනවලට ඇත

|Thu,22 March 2018 13.30|Political| Page Views :

පරිවර්තනය කලේ(අයිබීසි ටැමිල් වෙබ් අඩවිය)

“යුද්ධයෙන් විනාශයට පත්වී ඇති ප්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා වන පූර්ණ වගකිම පළාත් පාලන ආයතනවලට ඇත. ඒ අතරම, පක්‍ෂ විසින් ගන්නා තීරණවලට එරෙහිව කටයුතු නොකරන මෙන් පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුගෙන් ඉල්ලා සිටින්නෙමි” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කර ඇත.

යාපනය සහ කිළිනොච්චි යනාදී දිස්ත්‍රික්කයන්හි ඇති පළාත් පාලන ආයතනවලට තේරී පත්වූ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු දිවුරුම් දීමේ වැඩසටහන උතුරු පළාත් සභාවේ සභාපති මෙන්ම තමිලරසු පක්‍ෂයේ නියෝජ්‍ය ලේකම් සී.වී.කේ.ශිවඥානම්ගේ ප්‍රධානත්වයෙන් 2018.03.20 වන දින යාපනය නල්ලූර් ඉලංකලන්ඥර් ශාලාවේදී පවත්වා ඇත. මෙහිදී කතා කළ අවස්ථාවේදී, මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

“මහජාතික ජනතාවට අයත් දේශපාලන පක්‍ෂ දෙමළ ප්‍රදේශ පාලනය කිරීමට උත්සාහ කරමින් සිටියි. ඒ අතරම, ඉලංගෙයි තමිලරසු පක්‍ෂය තුල බොහෝ වෙනස්කම් සිදුකිරීමට තීරණය කර ඇත” යනුවෙන් මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කර ඇත.

මෙම වැඩසටහනට සහභාගි වී අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.සිද්ධාර්ථන්, “මතභේද අමතක කර, සියළු මන්ත්‍රීවරු ඒකාබද්ධ වී කටයුතු කළ යුතුය. ඒ අතරම, සියළු දෙමළ දේශපාලන පක්‍ෂ ඒකාබද්ධ වී බලය පිහිටුවීම අතපසු කළහොත්, මහජාතික ජනතාව නියෝජනය කරන දේශපාලන පක්‍ෂ දෙමළ ප්‍රදේශවල බලය පිහිටුවීමේ තත්වයක් ඇතිවිය හැකිය” යනුවෙන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න