Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මිල කළ නොහැකි විශාල පාඩුවකි

|Thu,22 March 2018 13.37|Political| Page Views : 33

අලුත් පුවත්
පූර්ණ වගකීම පළාත් පාලන ආයතනවලට ඇත
ජාත්‍යන්තර විද්වතුන් සමඟ සාකච්ඡා කර ඇත
ප්‍රසන්න රණවීරට ඇප
තොරතුරු පනත යටතේ විශේෂ ඇමතුම් ඒකකයක්
ත්‍රීරෝද රථයක් අඩි 60ක ප්‍රපාතයකට
පෙබරවාරියේ උද්ධමනය අඩුවෙලා
ජනාධිපති ඉල්ලා අස්‌වෙයි
පානීය ජල බවුසර් ලබාදිමට රුපියල් මිලියන 235ක්
 
පරිවර්තනය කලේ(ලංකාවන් වෙබ් අඩවිය)

සරණාගතව ජීවත්වන දෙමළ ක්‍රියාධාරීන් සහ දෙමළ සංවිධාන සමඟ ඉතාමත් සමීප සම්බන්ධතාවයක් පවත්වා, ඊළාම් දෙමළ ජනතාව මධ්‍යයේ විශාල ගෞරවයක් ලබාගෙන සිටි එම්.නඩරාජන් මහතාගේ හදිසි අභාවය, සමස්ථ දෙමළ ජනතාවට මිල කළ නොහැකි විශාල පාඩුවකි. ඔහුගේ කටයුතු සහ දෙමළ ජනතාව වෙනුවෙන් ඔහු සිදුකල සේවය නිරතුරුවම දෙමළ ජනතාවගේ සිත්තුල රඳා පවතියි.

ඊළාම් විමුක්ති සටන පැවති අවස්තාවේදී, ඊළාම් දෙමළ ජනතාව වෙනුවෙන් තමිල්නාඩුව තුල ඉතාමත් උද්වේගයකින් හඬ නැගූ පුද්ගලයින් අතරින් නඩරාජන් මහතා විශේෂයෙන් පෙන්විය හැකි පුද්ගලයෙකි.

ජාත්‍යන්තර ඊළාම් දෙමළ ජනතා සංසදය විසින් සංවිධානය කරන ලද බොහෝ සම්මන්ත්‍රණ සහ සාකච්ඡාවලට සහභාගිවී තම සහයෝගය දැක්වු පුද්ගලයෙකි. ඒ අතරම, විදේශීය රටවල පැවැත්වු මහවිරුදින වැඩසටහන්වලටද සහභාගිවී තම අදහස් ඉදිරිපත් කල පුද්ගලයෙකි. තම අවසන් හුස්ම හෙළන තුරු, උද්යෝගීමත් දෙමළ ජන හිතකාමියෙකු ලෙස ජීවත්වී මියගොස් ඇත.

දෙමළ ජාති ඝාතනයට ලක්වු ඊළාම් දෙමළ ජනතාව වෙනුවෙනුත්, තම සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකරගත් වීර සටන්කාමියෙකු වන මුත්තුකුමරන් වෙනුවෙනුත් ඉතාමත් දක්‍ෂ ලේඛකයෙකු වන එම්.නඩරාජන් මහතා, තම පෞද්ගලික මුදල් වැය කර, ‘මුල්ලිවායික්කාල් පරිශ්‍රය’ යන නමින් තමිල්නාඩුවේ තංජෙයි ප්‍රදේශයේ අනුස්මරණ ස්මාරකයක් ස්ථාපිත කර ඇත. එම්.නඩරාජන් මහතා මියගියත්, ඔහු අත්හැර දමා ගිය යහපත් කටයුතු, මෙම භූ තලය තුල දෙමළ ජනතාව ජීවත්වන තුරු, ඔහුගේ නාමය උච්චාරණය වනු ඇත.

ඔහුගේ අභාවය හේතුවෙන්, ශෝකයට පත්ව සිටින ඔහුගේ බිරිඳ සසිකලා නඩරාජන් සහ ඔහුගේ පවුලේ ඥාතීන්ට අපගේ බලවත් ශෝකය පලකරන අතර, ඔහුගේ ආත්මයට ශාන්තියක් අත්වේවා යන්න ප්‍රාර්ථනා කරන්නෙමු.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න