Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හොරණ තරුණයකුගෙන් වෙඩි නොවදින විශ්මිත තෙලක්‌ - ‘වෙඩි උණ්‌ඩ තෙල් කුප්පියට නොවැදී ඉහළ ගියා‘ වෙඩික්කරු කියයි

|Thu,22 March 2018 18.00|Gossip| Page Views :

හොරණ උතුරු උඩුව ප්‍රදේශයේ තරුණයකු වෙඩි නොවදින තෙලක්‌ නිපදවා ඇතැයි පවසයි. වසර ගණනාවක්‌ පිළිවෙත් පුරා මෙම කාර්යයේ යෙදුණ බවත් පැරණි ගුරුවරුන්ගෙන් ලද යන්ත්‍ර මන්ත්‍ර මේ සඳහා යොදා ගත් බවද ඔහු පවසයි.

ඔහුගෙන් ලද ආරාධනයකට අනුව උතුරු උඩුව කරව්හේන ප්‍රදේශයේදී මෙම තෙල් කුප්පියට වෙඩි තියන අයුරු දැක ගත හැකි විය.

ප්‍රදේශයේ දක්‌ෂ වෙඩික්‌කරුවකු ගෙන්වා වෙඩි ප්‍රහාර දෙකක්‌ තෙල් කුප්පියට එල්ල කළ ද වෙඩි උණ්‌ඩ තෙල් කුප්පියට නොවැදී ඉහළට ගිය බව පසුව වෙඩික්‌කරුගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේය.

"විෂ්ණු ක්‍රාන්තී තෛලය" නමින් හඳුන්වන මෙම තෙල් කුප්පියට කිසිවෙකුට වෙඩි තැබිය නොහැකි බවද ඔහු පවසයි. කිසිම ලාභ අපේක්‌ෂාවකින් තොරව තමන් මේ දේ කළ බවත් නීත්‍යානුකූලව සිදු කෙරෙන දෙයකට මෙය යොදා ගත හැකි වෙතැයි ඔහු අපේක්‌ෂා කරයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න