Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වෙඩි නොවදින රථ අද මුහුදේ ගිල්වයි

|Mon,26 March 2018 10.07|Security| Page Views : 125

අලුත් පුවත්
රෂීඩ් වේගයෙන්ම කඩුලු සියය පසු කරයි
‘කුඩු නුවන්’ අත්අඩංගුවට
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්
මානව හිමිකම් කවුසිලයේ දී අමෙරිකාවෙන් ප්‍රශංසා
දඩගමුව වෙල්යායකින් තරුණියකගේ මළ සිරුරක් මතුවෙයි
මඩකළපුව ගුවන්තොටුපල විවෘත වෙි
පාකිස්ථාන සුපර් ලීග් අවසන් තරගය අද
ත්‍රීරෝද ගාස්තු ඉහළට
 
ශ්‍රී ලංකාවේ පැවැති යුද සමයේදී මෙරට ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආනයනය කර ඇති වෙඩි නොවදින සුපිරි මෝටර් රථ හා ජීප් රථ ගැඹුරු මුහුදේ ගිල්වා දැමීම අද (26) සිදු වනවා.

මෙම රථවල සවිකර තිබූ සන්නිවේදන උපාංග සහ වෙනත් වටිනා උපකරණ ගලවා ඉවත් කර ඇති බව සඳහන්. වසර ගණනාවක් පැරණි මෝටර් රථ අලූත් වැඩියා කිරීම සඳහා විශාල වියදමක් දැරීමට සිදුවීම ද මෙලෙස මුහුදේ ගිල්වා දැමීමට ප්‍රධාන හේතුවක් වනවා.

එම කටයුතු සිදුවන්නේ නාවික හමුදාවේ මැදිහත්වීමෙන්. බටහිර ප්‍රදේශයේ ගැඹුරු මුහුදු තීරයේදී එම කටයුත්ත සිදු කිරීමට නියමිත බවයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් එස්.එස් රණසිංහ පවසන්නේ.

මෙලෙස ගිල්වා දැමීමට නියමිත මෝටර් රථ සංඛ්‍යාව 07කට ආසන්නයි. ඒවා නාවික හමුදාව වෙත ලබා දෙන්නේ ජනාධිපති කාර්යාලය මගින්.

මෙම වෙඩි නොවදින මෝටර් රථ වෙන්දේසි කළ නොහැකි බවයි නාවික හමුදාපතිවරයා පැවසුවේ. මෙවැනි වාහන ඉවත් කිරීමට ඇති හොඳම ක්‍රමය මෙය බවත් මීට පෙර ද මෙවැනි කටයුතු සිදු කර ඇති බවත් ප්‍රකාශ කෙරුණා.

අමෙරිකානු, බ්‍රිතාන්‍ය, රුසියානු සහ ඉන්දීය තානාපති නිලධාරින් භාවිත කළ වෙඩි නොවදින වාහනද මීට පෙර ගිල්වා දමා තිබෙනවා. මෙය ලෝකයේ පිළිගත් නීතියක් බවයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් එස.එස් රණසිංහ සඳහන් කළේ.

මීට අමරතව එල්.ටී.ටී.ඊ සංවිධානය සතුව තිබූ වෙලින් නම් වූ නෞකාවද මුහුදේ ගිල්වා දැමීමට නියමිතයි. මෙම නෞකාව වෙන්දේසි කිරීම සඳහා මිල ගණන් කැඳවූ නමුත් ඒ සෑම අවස්ථාවකදීම ඊට හිමිවී ඇත්තේ අඩු ලන්සුවක්. එම නෞකාව ඉකුත්සමයේ නාවික හමුදාවද භාවිත කළ අතර මේවනවිට එහි කල්ඉකුත් වී ඇති බවයි නාවික හමුදාපතිවරයා පැවසුවේ. එබැවින් නෞකාවද මුහුදේ ගිල්වා දැමීමට තීරණය කර තිබෙනවා.

මෙලෙස ගිල්වා දමන ප්‍රදේශයේ කොරල් පර පද්ධතියක් හා මත්ස්‍ය ගහනයක් නිර්මාණය වීමටද මෙය හේතුවක් වන බවයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් එස් එස් රණසිංහ නෙත් නිවුස් වෙත වැඩිදුරටත් කියා සිටියේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න