Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අතුරුගිරියේ වෙඩි තැබීමක්

|Mon,26 March 2018 11.40|Special| Page Views : 21

අලුත් පුවත්
මැණික් තොගයක් සමග චීන ජාතිකයෙකු අත්අඩංගුවට
අරුම පුදුම බිම් මලක්?
වෙඩි නොවදින රථ අද මුහුදේ ගිල්වයි
රෂීඩ් වේගයෙන්ම කඩුලු සියය පසු කරයි
‘කුඩු නුවන්’ අත්අඩංගුවට
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්
මානව හිමිකම් කවුසිලයේ දී අමෙරිකාවෙන් ප්‍රශංසා
දඩගමුව වෙල්යායකින් තරුණියකගේ මළ සිරුරක් මතුවෙයි
 
අතුරුගිරිය ජෝතිපාල මාවතේ පිහිටි නිවසකට අද (26) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. පොලිසිට පැවසුවේ මෙම වෙඩි තැබීමෙන් නිවසට අලාභ හානි සිදුව ඇති බවයි.

ටී 56 වර්ගයේ ගිනි අවියක් මගින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිසීය සඳහන් කළේ. සිද්ධියෙන් කිසිදු ජීවත හානියක් සිදුව නොමැති අතර අතුරුගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මේ අතර මාලබේ, චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ දී ඊයේ (25) සිදුවූ වෙඩි තැබිමකින් පුද්ගලයකු මිය ගියා.

මෙම වෙඩි තැබීමෙන් මියගිය මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි රොෂාන් ප්‍රේමලාල් නම් 46 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයා පාතාල නායක අංගොඩ ලොක්කා සමඟ සබඳතා පැවැත්වූ අයෙකු බවට හෙළිවී තිබෙනවා.

පොලීසිය පවසන්නේ ඔහු විසින් මුදල් පොලියට ලබාදීම ද මහා පරිමාණයෙන් සිදුකළ අයෙකු බවයි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පලාගිය බවටයි මූලික පරීක්ෂණවලදී හෙළිවුණේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න