Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රුසියා සාප්පු සංකීර්ණයේ ගින්නෙන් මියගිය ගණන ඉහළට

|Mon,26 March 2018 14.45|Miscellaneous| Page Views :

රුසියාවේ සාප්පු සංකීර්ණයක හටගත් ගින්නෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 48 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 70කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව එරට මාධ්‍ය වාර්තා කරනවා. විපතට පත්වූවන් අතර කුඩා දරුවන් 41 දෙනෙකු ද වනවා.

ජීවිතක්ෂයට පත්වූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි බලධාරීන් සඳහන් කළේ. එරටට අයත් සයිබීරියානු නගරයක් වන කෙමරොවො නගරයේ වින්ටර් චෙරි සාප්පු සංකීර්ණයේ ඉහළ මාලයේයි ගින්න හටගත්තේ.

ගින්නට හසුවූ අය අතරින් වැඩි දෙනා එහි පිහිටි සිනමා ශාලාවක චිත්‍රපටයක් නරඹමින් සිටි අය බව වාර්තා වනවා.

ගින්නත් සමග මිනිසුන් තම දිවි බේරාගැනීමට ගොඩනැගිල්ලෙන් ඉවතට පැනීමට උත්සාහ කරන ආකාරයයි දැකගත හැකිවුණේ.

පුද්ගලයින් 27 දෙනෙකු අතුරුදන්ව සිටිනවා. ගොඩනැගිල්ලේ සිටි පුද්ගලයින් 100කට ආසන්න පිරිසක් සහන සේවා අංශ විසින් බේරා ගැණුනා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භකර තිබෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න