Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

චීනයට ගිය එජාප මන්ත්‍රීවරුන්ට වහාම එන්න කියයි

|Tue, 27 March 2018 09.00|Security| Page Views : 95

අලුත් පුවත්
සංචාරක ආකාර්ශනයක් දිනූ කිලිනොච්චිය ජල ටැංකිය ඉවතට
කොළඹ වරාය ස්ථාන පහකින් ඉදිරියට
පාතාලය මර්දනයට මෙහෙයුම දැඩි වෙයි
කොළඹට තද වැසි - ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
මාගම්පුරේ අනියම්ව සිටි 135ක් ස්ථීර වෙයි
මිහින්තලයේ රජයේ තේක්ක රක්‍ෂිතයක ගින්නක්
Facebook scraped call, text message data for years from Android phones
 
චිනයේ අධ්‍යයන චාරිකාවක නිරතව සිටින එක්සත් ජාතික පක්ෂ මැතිඇමැතිවරු හය දෙනාවම ලබන මස 01 දින යළි මෙරටට කැඳවන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

පාර්ලිමේන්තුවේදී ලබන 4 දා පැවැත්වෙන විශ්වාසභංග විවාදයට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කල් ඇතිව සූදානම් කිරීමේ පියවරක් ලෙස, අගමැතිවරයා මෙම උපදෙස් දී ඇත.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් හයදෙනා ඇතුළුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය හා ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනෙකු මේ වන විට චීනයේ අධ්‍යයන චාරිකාවක නිරතව සිටිති. චින සංචාරය නිමවා මෙම මන්ත්‍රී කණ්ඩායම නැවත දිවයිනට පැමිණිමට නියමිතව තිබුණේ අප්‍රේල් මස 03 දින සවස 6.35 ටය.

කථානායක කරු ජයසූරිය මහතා මන්ත්‍රී කණ්ඩායමට නායකත්වය දෙමින් චීන සංචාරයේ නිරත වීමට නියමිතව සිටියදී අවසාන මොහොතේ එය අත්හිටුවා ඇත.

ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙක්කලනාදන්, යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ, ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ, සමාජ සේවා හා සමාජ සුබ සාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, කාවින්ද ජයවර්ධන, සීි.බි. රත්නායක, එස්.සී. මුතුකුමාරණ, උදය ගම්මන්පිල, වේලු කුමාර්, මයන්ත දිසානායක, රෝහිණී කවිරත්න හා දොස්තර තුසිතා විජේමාන්න යන මැතිඇමැතිවරු චින සංචාරයට එක්ව සිටිති.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න