Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මිල ගණන් වැඩි කිරීම පිළිබඳ තීරණය අද

|Tue, 27 March 2018 09.27|Security| Page Views :

ගෑස් සහ කිරිපිටි මිල ගණන් වැඩි කිරීම පිළිබඳ අද පස්වරුවේ රැස්වන ජීවන වියදම් පිළිබඳ කමිටුවේදී තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

අද පස්වරු 1.30ට මුදල් අමාත්‍යංශයේදී ජීවන වියදම් පිළිබඳ කමිටුව රැස්වීමට නියමිත ය.

පසුගිය සතියේ පැවැති ජීවන වියදම් කමිටුවේදී ගෑස් මිල ගණන් වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.

ගෑස් මිල වැඩි කරන ලෙස ගෑස් නිෂ්පාදන සමාගම් රජයෙන් ඉල්ලා තිබේ.

ඔවුන් ඉල්ලා ඇත්තේ, රුපියල් 270කින් ගෑස් මිල ගණන් වැඩි කරන ලෙස ය.

එහෙත් පසුගිය ජීවන වියදම් කමිටුවේදී යෝජනා කර ඇත්තේ, රුපියල් 175කින් ගෑස් මිල වැඩි කිරීමට අවස්ථාවක් ලබා දිය හැකි බව ය.

ඒ පිළිබඳව පසුගිය සතියේ ස්ථීර තීරණයක් ගැනීමට නොහැකි විය.

අද රැස්වන ජීවන වියදම් කමිටුවේදී මිල වැඩි කරනු ලබන්නේ ද නැද්ද යන්න තීරණය කිරීමට නියමිත ය.

මේ අතර කිරිපිටි ආනයනකරුවන් ද කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල වැඩි කරන ලෙසට රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ පිළිබද තීරණය අද රැස්වන ජීවන වියදම් පිළිබඳ කමිටුවේදී ගැනීමට නියමිත ය.

තමන්ට පාඩු ලැබීමට සිදුව ඇතැයි කිරිපිටි ආනයනකරුවන් පෙන්වා දී තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න