Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉන්ධන සහනය තවදුරටත්

|Tue,27 March 2018 2018 11.08|Special| Page Views :

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගිය ද ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු නොකරන බව එම සංස්ථාව පවසනවා.

ඒ අනුව, ජනතාවට ලබා දී ඇති ඉන්ධන සහනය තවදුරටත් ක්‍රියාත්මක බවයි එම සංස්ථාව ප්‍රකාශ කළේ.

මේ වන විට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 128කට අලෙවි කරන අතර ඉන් රජයට සිදුවන අලාභය රුපියල් 9.32ක්.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 117කට අලෙවි කරන අතර ඒ තුළින් රුපියල් 14.69ක අලාභයක් රජයට සිදුවන බවයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.

භූමිතෙල් ලීටරයක් රුපියල් 88.63ක් වන අතර එය රුපියල් 44කට අලෙවි කරනු ලබනවා.

කෙසේ වෙතත්, සාමාන්‍ය ජනතාව වෙත ලබාදෙන භූමිතෙල් සහනාධාරය අවභාවිත කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න