Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වැලිත් සමග ගොඩ ආ ජීව මෝටාර් බෝම්බ

|Wed,28 March 2018 10.19|Security| Page Views : 26

අලුත් පුවත්
මාලිගාවත්තේ වෙඩි තැබීමක්
නව යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි පත්කරයි
‍විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේ
ගාල්ලට මහ වැසි
ඩෙංගුවලටත් App එකක්
අන්තරේ දීප ව්‍යාප්ත උද්ඝෝෂණයක් අරඹයි
හෝටල් 13කට නඩු
 
යාපනය කොඩිකාමම් මිරුසුවිල් පලෙයිවයික්කාල් ප්‍රදේශයේදී යුද සමයේදී එල්.ටී.ටී.ඊ. ය විසින් වල දමන ලද මෝටාර් බෝම්බ 12ක් ඊයේ (27) සවස ගොඩගත් බවට කොඩිකාමම් පොලීසිය පවසනවා.

පලෙයිවයික්කාල්හි පිරිසක් විසින් වැලි ගොඩදැමීමට පසුගිය 26 වනදා ගොස් ඇති අතර එම පිරිස් විසින් වැලි ගොඩදාන අතරවාරයේ පොළව යට තිබී මෝටාර් බෝම්බ 5 ක් මතුව තිබී ඇති අතර පසුව ඒ බව කොඩිකාමම් පොලීසියට දැනුම් දී ඇත. අනතුරුව අධිකරණ නියෝගයක් මගින් එම ස්ථානයේ කරන ලද සෝදිසි කිරීමේදී මිලි මීටර් 81 වර්ගයේ ජීවි මෝටාර් උණ්ඩ 12 ක් හමු වී ඇති අතර යුද සමයේදී කොටි සංවිධානය විසින් මෙසේ වල දමන්නට ඇති බවට ආරක්ෂක අංශ සැක පල කර සිටියි.

ගොඩගත් මෝටාර් බෝම්බ තොගය අධිකරණ නියෝගයක් මගින් විනාශ කර දැමීමටද යාපනය පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න