Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දෙමළ ජාතික සන්ධානය අත්පත් කරගෙන ඇත

|Wed,28 March 2018 14.10|Political| Page Views :

පරිවර්තනය කලේ(ආදවන් නිව්ස් වෙබ් අඩවිය)

යාපනයේ ‍පේදුරුතුඩුව නගර සභාවේ පරිපාලනය දෙමළ ජාතික සන්ධානය විසින් අත්පත් කරගෙන ඇත. නගර සභාවේ සභාපති තෝරාගැනීමේ පළමු සැසිවාරය 2018.03.27 වන දින උතුරු පළාතේ පළාත් පාලන කොමසාරිස් වන පැට්ට්‍රික් නෙරංජන්ගේ නායකත්වය යටතේ පවත්වා ඇත.

මෙම අවස්ථාවේදී, පැවැත්වූ ඡන්ද විමසීමකදී, සභාපතිවරයා ලෙස දෙමළ ජාතික සන්ධානයේ ජෝශප් ඉරුදයරාජා තෝරාපත් කරගෙන ඇති අතර, උප සභාපතිවරයා ලෙස දෙමළ ජාතික සන්ධානයේ මදිනි නෙල්සන්ව තෝරාපත් කරගෙන ඇත.

පැවැති පළාත් පාලන මැතිවරණයේදී, පේදුරුතුඩුව මහනගර සභාවේ දෙමළ කොංග්‍රස් පක්‍ෂය ආසන 06ක්ද, දෙමළ ජාතික සන්ධානය ආසන 05ක්ද ලබාගෙන ඇත. එබැවින්, 2018.03.27 වන දින පැවැති සැසිවාරයේදී, සමස්ථ ලංකා දෙමළ කොංග්‍රස් පක්‍ෂය රහසිගත මනාප ඉල්ලා ඇත.

එනමුත්, එයට සහයෝගය නොමැති හේතුවෙන්, ප්‍රසිද්ධි‍යේ මනාප ලබාගැනීමේදී දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් ඉදිරිපත් කළ ජෝශප් ඉරුදයරාජා මනාප 07ක් ලබා සහාපතිවරයා ලෙස තෝරාපත් කරගෙන ඇත.

සමස්ථ ලංකා දෙමළ කොංග්‍රස් පක්‍ෂය විසින් ඉදිරිපත් කළ නියෝජිතයින් මනාප 05ක් ලබා ඇති අතර, මෙම ඡන්ද විමසීමේදී, දෙමළ ජාතික නිදහස් පෙරමුණේ ‘හිරු’ සළකුණින් තරඟ කළ, වරදර් කණ්ඩායම එක සමානව සිටියි.

ඉන්පසු, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙන් දෙමළ ජාතික සන්ධානය පේදුරුතුඩුව නගර සභාවේ බලය අත්පත් කරගෙන ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න